FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගිනිකඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ගුවන් ගමන් අඩපණ වෙයිමගීන් ලක්ෂයකට වැඩි පිරිසක් අසරණයි

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

​ඉන්දුනීසියාවේ ‘අනාක් ක්‍රකටාවු’ (Anak Krakatau) ගිනිකන්ද හදිසියේම සක්‍රීය වී තිබෙනවා. ඒ සමඟ එරට ගුවන් තොටුපළ අටක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඉඳුනිසියානු මාධ්‍ය වාර්‍තා කළේ. ගුවන්තොටුපල කටයුතු මෙලෙස අත්හිටුවීම නිසා දැනටමත් මගීන් එක්ලක්ෂ හැත්තෑදහසක් (170,000) පමණ ගුවන්තොටුපළවල සිරවී අසරණ වී ඇතැයිද ඉන්දුනීසියානු මාධ්‍ය වාර්‍තා වල සඳහන්. ගුවන් ගමන් 1,500 කට වැඩි ගණනක් ප්‍රමාද වී තිබෙනවා. සිංගප්පූරුව, දෝහා, සිඩ්නි සහ ක්වාලාලම්පූර් වැනි ප්‍රධාන ජාත්‍යන්තර නගර වෙත යන සහ එන ගුවන් ගමන් රැසකට ද ද බලපෑම් එල්ල වී තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය වාර්‍තා කළේ. එසේ තිබියදී තත්ත්වය තවත් සංකීර්‍ණ නොවී කළමනාකරණය සඳහා ගුවන් ගමන් අවලංගු වූ මගීන්ට ටිකට්පත් සඳහා මුදල් ආපසු ගෙවීමේ කටයුතු ඉක්මන් කරන ලෙසත්, අනවශ්‍ය ලෙස ගුවන්තොටුපළවල තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා මගීන්ට නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසත් ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා. ​මේ අතර ‘අනාක් ක්‍රකටාවු’ (Anak Krakatau) ගිනිකන්ද සක්‍රීය වී තිබෙන්නේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ සිටයි. එතැන් සිට ආශ්‍රිත ප්‍රදේශවල භූමිකම්පා, ලාවා විමෝචනය සහ විශාල ශබ්ද පිටවීම් වාර්‍තා වී තිබෙනවා. ගිනිකන්දෙන් නිකුත් වූ අළු අඩි 20,000 සිට 50,000 දක්වා ඉහළ අහසට පැතිර ගොස් තිබෙන බවයි ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ. ​ කෙසේ වෙතත්, මේ හේතුවෙන් සුනාමි තර්‍ජනයක් නොමැති බව බලධාරීන් තහවුරු කර සිටිනවා. ගිනිකන්ද සක්‍රීය වීම නිසා ගුවන්තොටුපොළ කටයුතු වලට පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයට ද බාධා ඇති වී තිබෙන බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්‍තාවල සඳහන් වන්නේ. ​​ගිනිකඳු අළු සහ ධූලි පරිසරයට එකතු වීම නිසා ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙසත්, පිටතට යන්නේ නම් අනිවාර්‍යයෙන්ම මුහුණු ආවරණ (Mask) පලඳින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. ​ ඇස් දැවිල්ල සහ ශ්වසන අපහසුතා හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක් වසා දැමීමටද පියවර ගැනුණු බවයි ඉන්දුනීසියානු මාධ්‍ය පවසන්නේ. ​ධීවරයින්ට මුහුදු යාමෙන් වැළකී සිටින ලෙස ද උපදෙස් දී තිබෙනවා. ​ප්‍රදේශවාසීන් පවසන්නේ ඇස්වලට වැලි කැට වැටෙන්නාක් මෙන් දැඩි දැවිල්ලක් හටගන්නා බවයි. අළු තට්ටු අතුගා දැමීමට පවා නොහැකි තරමට පරිසරය ධූලියෙන් වැසී ඇති බවද ඔවුන් පැවසුවා. ​අනාක් ක්‍රකටාවු ගිනිකන්ද පිහිටා ඇත්තේ පැසිෆික් ගිනි වළල්ල​ජාවා සහ සුමාත්‍රා දූපත් අතරයි. 1883 දී ‘ක්‍රකටෝවා’ ගිනිකන්ද විදාරණයෙන් පසුව එය නිර්‍මාණ වී තිබෙනවා. 2018 වසරේදී ද මෙම ගිනිකන්ද නායයාමකට ලක්වීමෙන් දැවැන්ත සුනාමි රැල්ලක් නිර්‍මාණය වූ අතර පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් එහිදී මිය ගිය බවයි BBC ප්‍රවෘත්ති සේවය පළ කළ වාර්‍තාවක දැක්වෙන්නේ. ​ලොව භූමිකම්පාවලින් 90% ක් සහ සක්‍රිය ගිනිකඳුවලින් 75% ක්ම පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාව අයත් වන මෙම කිලෝමීටර 40,000 ක් දිගැති ‘පැසිෆික් ගිනි වළල්ල’ (Pacific Ring of Fire) කලාපයේ වීමද විශේෂත්වයක් වනවා. .

Google AdSense

In-Article Ad