
සිරිලියත් හිරවෙයි.. මුදල් වංගුවකට පැටලේ... ප්‍රකාශ ගන්න නියෝගයක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අදාළ යන්ත්‍රය මිලදී ගැනීම සඳහා ආධාර උපකාර කරන ලෙස කළ ඉල්ලීමකට අනුව, 'සිරිලිය සවිය' පදනම මගින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකට රුපියල් මිලියනයක මුදලක් තැන්පත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්‍ශන සිදු කරන ලෙසත් නීතිපතිවරයා මෙලෙස දැනුම් දී තිබේ. විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ආධාර ඉල්ලීම 'සුව උදාන' නම් ව්‍යාපෘතියක් හරහා සිදු කර තිබුණද, එම මුදල් බැර කර ඇත්තේ 'සිරිලිය සවිය' පදනමේ ගිණුමකට බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතු වී ඇත්තේ, රුපියල් මිලියන 50ක් පමණ වටිනා PET ස්කෑනර් යන්ත්‍රයක් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවට තහවුරු වී තිබියදීත්, එවැනි යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් පුද්ගලික බැංකුවලින් පවා ආධාර එකතු කර ඇති බැවිනි. පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත උපකරණයක් මිලදී ගැනීමට යැයි පවසමින් මෙලෙස මුදල් රැස් කිරීම 'සාපරාධී සාවද්‍ය පරිහරණයක්' විය හැකි බව විමර්‍ශන අංශ පෙන්වා දෙයි. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන සතියක් ඇතුළත ඒ පිළිබඳ වාර්‍තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි.
Google AdSense
In-Article Ad

