FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පුද්ගලයෙකු යට කල බස් රථයට තහනම් නියොගයක්...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මහනුවර සිට කුඹුක්කදුර දක්වා ධාවනය වන එම බස් රථය එදින පාසල් ළමුන් පිරිසක් රැගෙන හග්ගල උද්භිත උද්‍යානය නැරඹීමට චාරිකාවක් පැමිණ සිටියදී එම බස් රථය හග්ගල වැලිමඩ මාර්‍ගයේ බෑවුම් ප්‍රදේශයේ ධාවනය කරමින් තිබියදී රත්නපුර ප්‍රදේශයේ සිට එවැනිම චාරිකාවක් පැමිණි පුද්ගලයෙකු මාර්‍ගය හරහා මාරු විමේද එම බස් රථයට යට වී බරපතල ලෙස තුවාල ලබා මිය ගොස් ඇත. බස් රථයේ රියදුරු සහ බස් රථය නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන බස් රථය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර බස් රථය නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවකට යොමු කෙරින. එම බස් රථය පරික්ෂා කිරිමෙදි සිසුසැරිය බස් රථයක් වශයෙන් නම් අවභාවිතා කරමින් බස් රථය ධාවනය කර ඇති බවත්, එම බස් රථයේ රෝද තුනකට පමණක් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරයට බස් රථය තිබි ඇති බවත්, අත් තිරිංග පද්ධතියද ක්‍රියා විරහිත තත්වයේ පැවතිම, බස් රථයේ ටයර් දිරාපත් වී තිබිම, සියලු රෝදවල නට් එක බැගින් ගලවා ඉවත් කර තිබිම, තිරිංග බුස්ටරය ක්‍රියා නොකිරීමට සලසා තිබිම, පා පුවරු තහඩු ගෙවී පිහි තල ආකාරයට හානි වී තිබිම, කැබිනට් විදුරු යොදා modify කර තිබිම නිසා අනතුරකදී උල් ආකාරයට මෙම විදුරු බිඳී යෑම යන කරුණු හේතුකොට ගෙන බස් රථය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බවත්, එම බස් රථයේ තිබූ සියලුම අඩුපාඩුකම් සපුරා යලිත් තමන්ගේ පරික්ෂාවකට ඉදිරිපත් කරන ලෙස බස් රථයේ අයිතිකරුට උපදෙස් ලබා දුන් බවයි නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.

Google AdSense

In-Article Ad