
22 සංශෝධනයට එරෙහි වන්නේ දේශපාලන කුහකකම නිසයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හැටන් නගරයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා මේ බව සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් (ප්‍රාදේශීය සභා මන්ත්‍රී) ඩීන් නෝයෙල් ජනාස්ටන්, ජාතික සංවිධායක මිලන් පී. පෙරේරා සහ භාණ්ඩාගාරික ජුලියානා යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති චමීර පෙරේරා මහතා සඳහන් කළේ, රාජපක්ෂ පවුලට සදාකාලිකව බලයේ සිටීමට මගපෑදූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී නිහඬව සිටි පිරිස්, (01) දින 22 වැනි සංශෝධනය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුපර්‍මෑන්ලා ලෙස පෙනී සිටින බවයි. එදා මුළු රටම පවුල් පාලනයකට යටත් කරද්දී කිසිදු පෙත්සමක් ඉදිරිපත් නොකළ ජී.එල්. පීරිස් ඇතුළු පිරිස් අද අධිකරණය හමුවට යන්නේ ජනතා නිදහස වෙනුවෙන් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය. ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනතා අයිතිවාසිකම් සුරැකීම වෙනුවට වත්මන් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන බව හෙළිදරව් කළ ඒ මහතා, ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුවිය හැකි නීතිමය පියවර සහ සිරගතවීම්වලින් බේරීම සඳහා මෙම පිරිස් ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙලෙස කටයුතු කරන බවට ද චෝදනා කළේය.
Google AdSense
In-Article Ad

