FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මැදපෙරදිග යලි උණුසුම්ඇමෙරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන බවට ඉරානයෙන් තර්‍ජන

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඇමෙරිකාව සහ ඉරානය අතර නැවතත් හමුදාමය ගැටුම් ආරම්භ වී ඇති අතර, ජෝර්‍දානයේ පිහිටි ‘ප්‍රින්ස් හසාන්’ ගුවන් හමුදා කඳවුරට සහ ඇමෙරිකානු මැරීන් බලකා කඳවුරකට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන විප්ලවීය අරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා. ඉරාන උසස් නායක මොජ්තබා ඛමේනි (Mojtaba Khamenei) සඳහන් කරන්නේ වොෂින්ටනයට අමතක නොවන පාඩමක් උගන්වන බවයි. මේ අතර, තමන් වෙත එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලට ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්‍ථකව ප්‍රතිහාර එල්ල කළ බව කුවේටය සහ බහරේනය ප්‍රකාශ කර සිටිනවා. ඇමෙරිකානු මධ්‍යම කටයුතු පිළිබඳ විධානය (CENTCOM) සඳහන් කරන්නේ, වෙළඳ නෞකාවලට සහ ඇමෙරිකානු සෙබළුන්ට ඉරානය එල්ල කිරීමට තැත් කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත සාර්‍ථක ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. ඇමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ අසලුයේ, බන්දර් අබ්බාස්, චාබහාර් ඇතුළු දකුණුදිග ප්‍රදේශ රැසක ප්‍රබල පිපිරීම් වාර්‍තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. මින් සිරියික් (Sirik) ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයක් පැවැති නිවසකට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්‍තා කර ඇත්තේ. .

Google AdSense

In-Article Ad