
අර්‍ජුන් මහේන්ද්‍රන් අපි ඉල්ලුව ගමන් සිංගප්පූරුව දෙන්නෑ - නලින්ද
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හිටපු මහ බැංකු අධිපති අර්‍ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, එහෙත් ශ්‍රී ලංකාව ඉල්ලූ සැණින් සැකකරුවන් භාර දීමට සිංගප්පූරුව වැනි රටවල් බැඳී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අර්‍ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගන්නා බවට මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට රජයට නොහැකි වී ඇත්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණි. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඕනෑම අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමේදී අදාළ රටවල පවතින නීති පද්ධතීන් සහ ජාත්‍යන්තර සම්මුතීන් සැලකිල්ලට ගත යුතු බවයි. "අපි ඉල්ලූ සැණින් ඕනෑම රටක් සැකකරුවන් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා දීර්‍ඝ රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. අපේ බලාපොරොත්තුව සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා නීතිය හමුවට පැමිණවීමයි," යනුවෙන් ඔහු පැවසීය. අර්‍ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ද එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත්, එය සාර්‍ථක කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් උපරිමයෙන් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

