FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විනිසුරු වයස වැඩිකිරීම ජනතා ප්‍රාර්‍තනාවක්.. ජනමත විචාරණයක් අවශ්‍ය නෑ..- වටගල

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්‍ණ ලෙස අනුගත වන අතර එය මෙරට ජනතාවගේ දීර්‍ඝකාලීන ප්‍රාර්‍ථනාවක් බවයි. "නීතිඥ සංගමය ඇතුළු පාර්‍ශව කිහිපයක් ඉදිරිපත් කර ඇති පෙත්සම්වල අඩංගු කරුණු සත්‍ය කරුණු නෙවෙයි. 22 වන සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිතයි. අධිකරණයේ ස්වාධීනත්වය නැති වී ඇත්තේ මෙවැනි සංශෝධනවලින් නොව, පිටතින් සිදුකරන ඇතැම් බලපෑම් සහ කතාබහ නිසයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සංශෝධනය ජනතාවගේ පරමාධිපත්‍යයට සහ වරමට එකඟ වන බැවින්, කිසිදු ජනමත විචාරණයකින් තොරව පාර්‍ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකියාව පවතින බව ද වටගල මහතා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, මෙම සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම්වලට එරෙහිව ජාතික ජන බලවේගය අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad