FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වාහන ගෙනාවෙ නැත්තං සංචිත තව වැඩි කරන්න තිබුනා... රටක ආර්‍ථිකය මනින්නෙ සංචිත වලින්ම නෙමෙයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මුදල් පනත යටතේ ඉදිරිපත් වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදයට පාර්‍ලිමේන්තුවේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණවත් නොවන බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 2023 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාව පවත්වාගත යුතු සංචිත ඉලක්කයන් මුලින් සැලසුම් කළ වේගයට වඩා අඩු කළ බවයි. ආර්‍ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රජය විසින් සංචිත නිදහස් කර ඇති බව පැවසූ ඔහු, ඊට උදාහරණයක් ලෙස වාහන ආනයනය සඳහා අවස්ථාව ලබා දීම පෙන්වා දුන්නේය. 2023 වසරේ වාහන ආනයනය සඳහා කිසිදු ඇස්තමේන්තුවක් නොතිබුණද, වත්මන් රජය ඊට ඉඩ ලබා දීමත් සමඟ මේ වන විට ඩොලර් බිලියන 3.5ක වටිනාකමකින් යුත් ණයවර ලිපි විවෘත කර ඇති බව අමාත්‍යවරයා හෙළි කළේය. එම මුදල සංචිත ලෙසම තබා ගත්තේ නම්, වත්මන් සංචිත ප්‍රමාණය තවත් ඩොලර් බිලියන 3.5කින් ඉහළ යාමට ඉඩ තිබූ බව ද ඔහු සඳහන් කළේය. මීට අමතරව ඩොලර් බිලියන 2.6ක ණය මුදලක් ද මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, එවැනි විශාල වැය කිරීම් මධ්‍යයේ වුවද වර්‍තමානය වන විට ඩොලර් බිලියන 6.6ක විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යාමට රජය සමත්ව ඇති බවත් ආචාර්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad