FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ADB වෙතින් ලොකු ණයක් ගනී.. ඩොලර් මිලියන 400ක්.. (රුපියල් කෝටි 13,000ක්)

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මීට අදාළ ගිවිසුම් අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්‍ථික සංවර්‍ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍ය හර්‍ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියානු සංවර්‍ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කේලින් මහත්මිය විසින් (18) කොළඹ පිහිටි මහා භාණ්ඩාගාරයේදී සිදු කරන ලදී. මෙම මූල්‍ය සහායෙන් ඩොලර් මිලියන 200ක් වෙන් කෙරෙන්නේ ‘වෙළඳ, ආයෝජන සහ කර්‍මාන්ත සංවර්‍ධන වැඩසටහනේ’ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහාය. 2025 ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව සකස් කර ඇති මෙම වැඩසටහන මගින් ඔරොත්තු දෙන සහ තිරසාර ආර්‍ථිකයක් ගොඩනැගීම අපේක්ෂා කෙරේ. මෙහි දෙවන අදියර 2028 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා තවත් ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අපේක්ෂිතය. පවතින ගෝලීය ආර්‍ථික අවිනිශ්චිතතාව හමුවේ මෙරට අයවැය සහාය සඳහා මෙම ප්‍රතිපත්ති පාදක ණය පහසුකම බෙහෙවින් ඉවහල් වනු ඇත. ඉතිරි ඩොලර් මිලියන 200ක මුදල වෙන් කර ඇත්තේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ව්‍යාපෘතිය සඳහාය. දේශගුණික විපර්‍යාස සහ ගෝලීය ආර්‍ථික අර්‍බුද හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ආසියානු සංවර්‍ධන බැංකුව ලබා දෙන මෙම අඛණ්ඩ සහාය මෙරට ආර්‍ථික ස්ථාවරත්වයට මෙන්ම ආපදාවට පත් ජනතාවට සහනයක් වනු ඇති බව විදේශ සම්පත් දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Google AdSense

In-Article Ad