FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාය ගිය පාරට ලෑලි පාරක් හදා වාහන ගමන් සීමා කරයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම මාර්‍ගය නායයෑම නිසා පනන්ගම්මන ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වීම නිසා නාය ගිය ස්ථානයෙන් ස්ථිර පාලමක් ඉදි කරන තෙක් තාවකාලිකව යකඩ පාලමක් ඉදි කරන ලෙසට කටයුතු කරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා එම නාය ගිය ස්ථානය නිරික්ෂණය කිරිමෙන් පසු නුවරඑලිය මාර්‍ග සංවර්‍ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයාට උපදෙස් ලබා දී ඇත . එම යකඩ පාලම ඉදි කරන තෙක් පනන්ගම්මන ප්‍රදේශවාසීන් එක්ව තාවකාලිකව නාය ගිය ස්ථානයෙන් ගමන් කිරිමට යොදා තිබූ දැව කදන් වලින් සකස් කරන ලද පාලම අනාරක්ෂිත නිසා එම දැව කදන් මත යකඩ කේබල් යොදා ගනිමින් ලෑලි පාලමක් තාවකාලිකව ඉදි කර ඇත . එම පාලම (19) දින නිරික්ෂණය කල කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා ප්‍රදේශවාසීන් හමුවේ කියා සිටියේ , ඉදි කරන ලද ලැලි පාලම මතින් යතුරුපැදියක් ධාවනය කල හැකි බවත් , ඊට අමතරව ත්‍රීරෝද රථ ධාවනය කිරිම සදහා අදාළ වග කියයුතු ආයතන වලින් නිර්‍දේශ ලැබී නොමැති නිසා එම පාලම මතින් ත්‍රීරෝද රථ ධාවනය (19) දින සිට තහනම් කරන බවයි .

Google AdSense

In-Article Ad