FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රඹුකන සිද්ධාර්‍ථ හිමියෝ අපවත් වෙති...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අපවත් වන විට උන්වහන්සේ 76 වැනි වියේ පසුවූහ. ශ්‍රී ජයවර්‍ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අද මෙලෙස අපවත් වී තිබේ. දශක කිහිපයක් තිස්සේ දේශීය ගීත කලාව පෝෂණය කළ උන්වහන්සේ, බෞද්ධ දර්‍ශනය සහ සමාජීය සාරධර්‍ම අතිශය සංවේදී ලෙස ගීතයට මුසු කළ යතිවරයෙකි. 'ලා දළු බෝපත්', 'සෙනෙහස පුදා', 'සඳ තරු මල්', 'සංසාරේ අපි', 'බුදු හාමුදුරුවෝ වැඩිය වගේ' වැනි අතිශය ජනප්‍රිය සහ අර්‍ථපූර්‍ණ ගීත දහස් ගණනක් උන්වහන්සේ අතින් ලියැවිණි. විශේෂයෙන්ම භක්ති ගීත කලාවට නව ජීවයක් ලබාදුන් සිද්ධාර්‍ථ හිමියන්, සරල සුගම බසින් ගැඹුරු දහම් කරුණු රසික හදවත් තුළ තැන්පත් කිරීමට සමත් වූහ. ගී පද රචනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ඇතුළු ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ උන්වහන්සේ, ග්‍රන්ථ රැසක් ද රචනා කරමින් බෞද්ධ සාහිත්‍ය පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්හ. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

Google AdSense

In-Article Ad