FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විපක්‍ෂය පාර්‍ලිමේන්තුවේ විරෝධතා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය නීතිඥ හර්‍ෂණ නානායක්කාර මහතා විසින් අද (18) පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අමාත්‍යවරයා විසින් මෙම සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ තුළ දැඩි විරෝධතාවයක නිරත වූහ. මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගී සිට විවිධ විරෝධතා පුවරු ප්‍රදර්‍ශනය කරමින් මෙම සංශෝධනයට සිය අප්‍රසාදය පළ කළ අතර, ඒ හේතුවෙන් සභා ගැබ තුළ උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය. විපක්ෂයේ මෙම විරෝධය මධ්‍යයේ වුවද අධිකරණ අමාත්‍යවරයා විසින් අදාළ සංශෝධන යෝජනාව සභාගත කිරීමට පියවර ගනු ලැබීය. මෙම සංශෝධනය මගින් අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්‍ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජනා වී ඇති අතර, ඊට එරෙහිව විපක්ෂය විරෝධය පළ කරයි. Judicial Reforms Bill Presented Amidst Opposition Protests in Parliament The 22nd Amendment to the Constitution was tabled in Parliament today by Minister of Justice, Harshana Rajakaruna. The legislative move aims to bring significant changes to the judicial system. As the Minister introduced the amendment, opposition leader Sajith Premadasa and a group of opposition members were engaged in a vigorous protest within the chamber. They rose from their seats, displaying a variety of placards to express their dissent against the proposed changes, creating a tense atmosphere in the assembly. Despite the opposition's protests, the Minister pressed ahead, taking steps to advance the discussion on the reforms. Among the changes proposed in the amendment is an extension of the retirement age for judges, a point that has incited considerable pushback from opposition members. The opposition's objections highlight broader concerns regarding the implications of this amendment on the independence of the judiciary and the overall integrity of the legal system in Sri Lanka. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad