
අත්අඩංගුවට පත් ශිරාන් බාසික්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ රහස - මැරීන් ඩ්‍රයිව්හි පිහිටි හෝටල් 5ක හිමිකාරිත්වය ඔහුගේ අතේ!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ දේපළ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ප්‍රශ්න කිරීම් අතරතුර සැකකරු ප්‍රකාශ කර ඇත්තේ, කොළඹ මැරීන් ඩ්‍රයිව් තීරයේ පිහිටි හෝටල් පහක හිමිකාරිත්වය තමා සතු බවයි. ඔහුගේ දේපළ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම් සම්බන්ධයෙන්ද විමර්‍ශන කණ්ඩායම් ඔහුගෙන් දීර්‍ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරයි. සැකකරු පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවී තිබේ. කොළඹ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය මගින් සැකකරු සම්බන්ධයෙන් විමර්‍ශන පවත්වනු ලබයි. දිවයිනෙන් පලාගොස් ඩුබායි හි සැඟව සිටි ශිරාන් බාසික් නැමැත්තා අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කෙරිණි. පෙරේදා (15) රාත්‍රියේ ඔහු නැවත දිවයිනට රැගෙන එන ලදී. 48 හැවිරිදි මෙම සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෑතකදී මෙරට බන්ධනාගාර තුළ සිදුවූ ගැටුම්වලට ඔහු සම්බන්ධ වී තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළේය. ඊට අමතරව 2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල සඳහාද මොහුගේ සම්බන්ධයක් පැවැති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය.
Google AdSense
In-Article Ad

