
ආණ්ඩුව ගැන මහජන අනුමැතිය 50% ටත් වඩා අඩුවෙයි – ආර්‍ථිකය ගැනත් රට නොසතුටින්
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ආණ්ඩුව සහ රටේ ආර්‍ථිකය පිළිබඳ මහජන විශ්වාසය කැපී පෙනෙන ලෙස පහළ වැටී ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි ඇති මහජන අනුමැතිය සියයට 50ටත් වඩා අඩු වී තිබීම විශේෂත්වයක්. රටේ ආර්‍ථිකය ඉදිරියේදී වඩා යහපත් වනු ඇතැයි තිබෙන විශ්වාසය ද සියයට 42ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදු කර තිබෙන්නේ වෙරිටේ රිසර්‍ච් ආයතනය විසින්. ”රට හිතන හැටි” යන තේමාව යටතේ ගැලප් ක්‍රමයට ඔවුන් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ආණ්ඩුව කෙරෙහි වූ මහජන අනුමැතිය සියයට 65ක් තරම් ඉහළ මට්ටමකයි පැවතියේ. එහෙත් මාස 6ක් තුළ දැන් එය සියයට 50ටත් වඩා අඩු අගයක් දක්වා පහත වැටී තිබෙනවා. සමීක්ෂණයේදී ඊට සහභාගී වූවන්ගෙන් සමීක්ෂකයන් විසින් ප්‍රශ්න කර ඇත්තේ ආණ්ඩුව අනුමත කරනවාද ? නැද්ද ?යන්නයි. ඊට පිළිතුරු දෙමින් සියයට 49 දශම 8 යි 3ක් පමණක් ආණ්ඩුව අනුමත කරන බව ප්‍රකාශ කර තිබෙනවා. සියයට 31යි දශම 4ක් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව අනුමත නොකරන බවයි. රටේ ආර්‍ථිකය වඩා යහපත් වෙමින් තිබේද නැද්ද යන්න මෙම සමීක්ෂණයේදී විමසා ඇති තවත් ප්‍රශ්නයක්. එහිදී රටේ ආර්‍ථිකය වඩා යහපත් වෙමින් තිබෙන බවට ප්‍රකාශ කර ඇත්තේ සියයට 41යි දශම 6යි 3ක් පමණයි. එහෙත් ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 64ක් රටේ ආර්‍ථිකය යහපත් වෙමින් ඇතැයි විශ්වාස කළා. රටේ වර්‍තමාන ආර්‍ථික තත්ත්වය පිළිබඳව ද මහජනතාව තුළ පවතින්නේ නොසතුටක් බවයි සමීක්ෂණය දත්ත පෙන්වා දෙන්නේ. ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 59ක් දෙනා කියාසිටියේ ආර්‍ථිකය පිළිබඳ සෑහීමකට පත්වන බවයි. එහෙත් නවතම සමීක්ෂණයට අනුව එය සියයට 38ක් දක්වා අඩු වී තිබෙනවා. සියයට 55යි දශම 5යි 9ක් දෙනා ප්‍රකාශ කර ඇත්තේ රටේ වර්‍තමාන ආර්‍ථිකය දුර්‍වල බවයි. ඒ අනුව මාස 6ක් ඇතුළත රටේ ආර්‍ථිකය පිළිබඳ මහජන විශ්වාසයද කැපී පෙනෙන ලෙස කඩා වැටී තිබෙන බව මෙම සමීක්ෂණයෙන් අනාවරණ වන බව දත්ත විශ්ලේෂකයන් කියා සිටිනවා. වෙරිටේ රිසර්‍ච් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කෙරුණේ ඉකුත් ජූලි 11 වනදා සිට 30 වනදා දක්වායි. රට පුරා විසිරී සිටින විවිධ කාණ්ඩ නියෝජනය කරන වැඩිහිටියන් 2,013 දෙනෙකු ඒ සඳහා සහභාගි කර ගැනුණා. .
Google AdSense
In-Article Ad

