FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහල් නිවාසයකින් ඇද වැටී දරුවෙකු මරුට...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්‍ණයක ඉහළ මහලකින් ඇද වැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ, මහල් 14කින් සමන්විත මෙම නිවාස සංකීර්‍ණයේ ඉහළම මහලේ පිහිටි නාන තටාකය අසල තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටියදී මෙම දරුවා මෙලෙස පහළට ඇද වැටී ඇති බවයි. මරණය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්‍ශන කටයුතු මෙහෙයවනු ලබයි. Tragic Fall Claims Life of 12-Year-Old Boy in Colombo Apartment Complex A 12-year-old boy has tragically lost his life following a fall from the uppermost floor of a high-rise residential complex located in Colombo 09. The deceased, a resident of the same area, was reportedly playing near a swimming pool on the top floor when the incident occurred. Preliminary investigations suggest that he was with several other children watching the nearby festivities when he fell. Authorities are continuing to probe the circumstances surrounding the incident, with the Maradana police leading the investigation. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad