
ලොව හොඳම එක්දින පිතිකරුවන් 10 දෙනා අතරට චරිත් අසලංක – කුසල් සහ පැතුම් පස්සට
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජාත්‍යන්තර ක්‍රිකට් එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩයමේ චරිත් අසලංක නවතම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ නවවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රේණිගත කිරීම් ලකුණු 659ක් ලබා ගනිමිනුයි අසලංක 10 වන ස්ථානයේ සිට 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ. මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩයමේ නායක කුසල් මෙන්ඩිස් එක් ස්ථානයක් පහත වැටී 12 වන ස්ථානයට පත්ව ඇති අතර, පැතුම් නිස්සංක ද එක් ස්ථානයක් පහත වැටී 15වන ස්ථානය දක්වා පහත වැටි තිබෙනවා. ඉන්දිය කණ්ඩායමේ ශුබ්මන් ගිල් එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේම පසුවන අතර, නවසීලන්තයේ ඩැරල් මිචෙල් දෙවන ස්ථානයේත්, විරාත් කෝලි තෙවන ස්ථානයේත් පසුවනවා. එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පෙරමුණේම පසුවන අතර, පාකිස්ථානයේ අබ්‍රාර් අහමඩ් දෙවන ස්ථානයේත්, එංගලන්තයේ ජොෆ්‍රා ආචර් තෙවන ස්ථානයේත් පසුවනවා. ශ්‍රී ලංකාවේ කණ්ඩයමේ මහීෂ් තීක්ෂණ හයවන ස්ථානයේ පසුවන අතර, වනිඳු හසරංග 15 වන ස්ථානයේ රැඳී සිටිනවා. මේ අතර සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනයේ තරග නතර කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 460 ක් රැස්කර ගෙන සිටියා. වර්‍ෂාව හේතුවෙන් දෙවන දිනයේ පෙරවරු කාලයේ තරගයට බාධා එල්ල වූ අතර, ඉන් අනතුරුව ආරම්භ වූ තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දේව්දත් පඩික්කාල් ලකුණු 167 ක් රැස් කිරීමට සමත් වුණා. කේ එල් රාහුල් ලකුණු 82 ක් ලබා සිටියදි දැවී ගියා. නායක ශුබ්මන් ගිල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 16 ක් පමණයි. කුල්දීප් යාදෙව් ලකුණු 12 ක් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා එක් ලකුණු ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක්, කේසර නුවන්ත කඩුලු 3 ක් සහ අසිත බණ්ඩාර එක් කඩුල්ලක් දවා ගත්තා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. ඊයේ දිනයේ තරගයට වර්‍ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේ තරගය නියමිත වේලාවට පෙර ආරම්භවීමට නියමිතව ඇති බවයි වාර්‍තා වුණේ. .
Google AdSense
In-Article Ad

