
ඩුබායි පොලිසිය ලංකාවේ චණ්ඩි සොයයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඩුබායි රටේ පසුවෙන ශ්‍රී ලංකා රතු වරෙන්තුකරුවන්ගේ නාමලේඛනය එරට පොලිසියට ලැබී තිබීම නිසා එම සැකකරුවන් අල්ලා ශ්‍රී ලංකාවට භාරදීම සඳහා දිනපතාම සෝදිසි මෙහෙයුම් එරට දියත් කර ඇතැයි පොලිසියේ ප්‍රකාශයෙක් පැවැසීය. මේ අනුව මෙම සැකකරුවන් නැවතී සිටින හෝටල් පවා මෙසේ විමර්‍ශනවලට භාජනය කර තිබේ. රතු වරෙන්තු ලැබූ ශ්‍රී ලංකා අපරාධකරුවන් පිළිබඳව ඩුබායි පොලිසියට අනුබද්ධ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. මෙම රතු වරෙන්තුකරුවන් අතර මුදල් වංචනිකයන් සිටින බව දැන ගැනීමට ලැබී තිබේ. රතු වරෙන්තුකරුවන්ගෙන් ඉතා වැඩි පිරිසක් පදිංචි වී සිටිනු ලබන්නේ ඩුබායි රටේ බව ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව කියයි. Divaina Sri Lankan Police Seek Arrest of Suspects in Dubai Following Red Notices The Dubai police have received a list of Sri Lankan nationals subject to red notices, leading to daily operations aimed at detaining these suspects for extradition back to Sri Lanka. This information was confirmed by a police spokesperson. In this context, investigations have also targeted hotels where these individuals are suspected to be staying. All police stations associated with the Dubai police have been alerted regarding the Sri Lankan criminals under red notices. Reports indicate that several of these suspects are involved in financial fraud. A significant number of red notice subjects are believed to be residing in Dubai, as revealed by the Sri Lankan police's international police branch. Divaina *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

