
මෙහෙම විනුසරු වයස දීර්‍ඝ කර ඇත්තේ ඒකාධිපති සිම්බාවේ විතරයි..- ජයම්පති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස හෝ සේවා කාලය දීර්‍ඝ කිරීමට උත්සාහ කිරීම ඒකාධිපති පාලනයක ලක්ෂණයක් බව ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. එන්.එම්. පෙරේරා ගුණානුස්මරණ උළෙලට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 1978 ව්‍යවස්ථාව මගින් එවකට සිටි විනිසුරුවන් ඉවත් කර තමන්ට අවශ්‍ය පිරිස් පත් කර ගැනීමට ජේ.ආර්. ජයවර්‍ධන මහතා කටයුතු කළ ආකාරය මෙහිදී සිහිපත් කළ වික්‍රමරත්න මහතා, වර්‍තමානයේදී ද විනිසුරුවන්ගේ සේවා කාලය දීර්‍ඝ කිරීමට උත්සාහයක් පවතින බවත් එය කණගාටුදායක තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව විනිසුරුවන් විශ්‍රාම යා යුතු බවත්, ඔවුන්ගේ සේවා කාලය දීර්‍ඝ කිරීමේ පූර්‍වාදර්‍ශ ලෝකයේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල දැකිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. මෙවැනි ක්‍රියාමාර්‍ග සිම්බාබ්වේ වැනි ඒකාධිපති රාජ්‍යයන්හි දැකිය හැකි ලක්ෂණ බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය. President's Counsel Criticizes Attempts to Extend Judicial Tenure as Authoritarianism President's Counsel Jayantha Vikramarathne has voiced strong concerns about ongoing efforts to extend the retirement age and tenure of judges, labeling such moves as hallmarks of authoritarian governance. His remarks were made during a ceremony held in honor of the late N.M. Perera. Vikramarathne drew parallels to actions taken by former President J.R. Jayewardene in 1978, who dismissed sitting judges in favor of appointing individuals aligned with his administration. He emphasized that similar attempts to prolong the service durations of current judges in this era are equally troubling. He reiterated the necessity for judges to retire in accordance with established norms, pointing out that extending their service timelines is not a practice observed in other democratic nations. The President's Counsel underscored that maintaining established retirement ages is crucial for upholding the rule of law. Furthermore, Vikramarathne noted that such maneuvers resemble tactics seen in autocratic states like Zimbabwe, suggesting an alarming trend that could undermine judicial independence in Sri Lanka. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

