FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හමුදාව යොදාගෙන ඇල්ලේ කුණු කන්ද මාස දෙකකින් ඉවත් කරනවා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

වසර 26ක පමණ කාලයක් අලුත්වැඩියා නොකර පැවති, සංචාරකයින් විශාල පිරිසක් භාවිත කරන ඇල්ල Waterfall Road මාර්‍ගය කොන්ක්‍රීට් යොදා සංවර්‍ධනය කර ජනතා අයිතියට පත්කර තිබේ. මීට අමතරව රුපියල් මිලියන 500ක පිරිවැයකින් දුන්හිඳ–බල්ලකැටුව–දෙමෝදර මාර්‍ගයත්, රුපියල් මිලියන 370ක පිරිවැයකින් ඇල්ල–පස්සර මාර්‍ගයත් සංවර්‍ධනය කෙරෙමින් පවතී. එමෙන්ම කන්දෙකුඹුර මාර්‍ගය රුපියල් මිලියන 270කින්ද, පියරපන්දොව මාර්‍ගය රුපියල් මිලියන 59කින්ද සංවර්‍ධනය කිරීමේ කටයුතු මේ වන විට වේගයෙන් සිදුකෙරේ. තවද යටිතල පහසුකම් සංවර්‍ධනයට අමතරව ඇල්ල නගරයේ සංචාරක ආකර්‍ෂණය වැඩිදියුණු කිරීම සඳහා නව සංවර්‍ධන සැලසුම් කිහිපයක්ද ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ඇල්ල ප්‍රවේශය සඳහා නව උමං මාර්‍ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, නගර මධ්‍යයේ පිහිටි අක්කර 2.5ක RDA ඉඩම නාගරික සංවර්‍ධන අධිකාරියේ රුපියල් මිලියන 50ක මූලික ප්‍රතිපාදන යටතේ නවීන සංචාරක සංකීර්‍ණයක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්‍ශනාගාර ඇතුළත් පරිශ්‍රයක් ලෙස සංවර්‍ධනය කිරීමට නියමිතය. ඇල්ල නගරයේ පවතින ප්‍රධාන ගැටලුවක් වන කසළ කන්ද ඉදිරි මාස එකත් දෙකත් අතර කාලය තුළ සම්පූර්‍ණයෙන් ඉවත් කර එම භූමිය අලංකාර කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ප්‍රාදේශීය සභාව සහ හමුදා සහාය ලබාගැනීමටද කටයුතු යොදා ඇත. මේ වෙනුවෙන් වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ රුපියල් මිලියන 10ක පිරිවැයකින් නව ඩම්ප් යාර්‍ඩ් එකක් ඉදිකිරීමටත්, කසළ ප්‍රවාහනය සඳහා තවත් රුපියල් මිලියන 10ක් වෙන් කිරීමටත් පියවර ගෙන තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇල්ල Waterfall Road මාර්‍ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Google AdSense

In-Article Ad