FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වත්තේගම දමාගොස් සිටියදී සොයාගත් දැරිය හදිසි ශල්‍ය කරම්‍යකට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වත්තේගම, යටිරාවණ මාර්‍ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී සොයාගත් අවුරුදු 04 ක් වයසැති දැරිය ශල්‍ය කර්‍මයකට භාජනය කිරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. ඒ, දිගින් දිගටම එම දැරියට සිදුකර ඇති පහරදීමේ හමුවේ මුඛයේ හටගෙන ඇති ආබාධයක් හේතුවෙන්. ඒ අනුව දැරිය තවදුරටත් පොලිස් ආරක්‍ෂාව යටතේ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ පෙරවරුවේ එම දැරිය වත්තේගම, යටිරාවණ මාර්‍ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි. දැරිය එලෙස දමාගිය ඇයගේ මව සහ තවත් පුද්ගලයෙකු හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. .

Google AdSense

In-Article Ad