FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ධම්මිකගේ සමාගමට දැවැන්ත ලාබයක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මෙම කාර්‍තුව තුළ සමූහයේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 179.32ක් දක්වා සියයට 38කින් ඉහළ ගොස් ඇත. බදු ගෙවීමෙන් පසු සමූහය ලැබූ ලාභය රුපියල් බිලියන 5.92ක් වන අතර එය සියයට 86ක දැවැන්ත වර්‍ධනයක් ලෙස සටහන් වේ. මෙම මූල්‍ය වර්‍ධනය සඳහා ප්‍රවාහන හා සැපයුම් දාම කළමනාකරණ අංශය ප්‍රමුඛ දායකත්වයක් ලබා දී තිබේ. එම අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 84කින් ඉහළ ගොස් රුපියල් බිලියන 42.88ක් ලෙස වාර්‍තා විය. මීට අමතරව, පාරිභෝගික හා සිල්ලර වෙළෙඳ අංශය ද සියයට 46ක වර්‍ධනයක් පෙන්වමින් රුපියල් බිලියන 49.22ක ආදායමක් උපයා ඇත. සමූහයේ අපනයන කේන්ද්‍රීය අංශ ද සියයට 24ක ආදායම් වර්‍ධනයක් වාර්‍තා කර තිබීම විශේෂත්වයකි. සමූහයේ පොලී, බදු සහ ක්ෂයවීම්වලට පෙර ලාභය සියයට 46කින් ඉහළ ගොස් රුපියල් බිලියන 18.11ක් ලෙස සටහන් වී ඇති අතර, පොලී සහ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 14.02ක් දක්වා සියයට 53කින් වර්‍ධනය වී තිබේ. මෙම ශක්තිමත් මූල්‍ය පදනම මත ඉදිරි කාලසීමාව තුළ ද සමූහයේ වර්‍ධනය තවදුරටත් තහවුරු වනු ඇති බව හේලීස් කළමනාකාරීත්වය විශ්වාසය පළ කරයි.

Google AdSense

In-Article Ad