
රට පුරා අනවසර ගිනි අවි ලක්‍ෂයක්.. එය පොලිසියට වඩා වැඩියි..
FM Heart · 5 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකාව පුරා නීතිවිරෝධී ගිනි අවි 15,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් සංසරණය වන බවට ආරක්ෂක අංශ නිලධාරීන් ඇස්තමේන්තු කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම අනවසර ගිනි අවිවලින් බහුතරයක් පාතාල කල්ලි සාමාජිකයන්, කුලියට මිනීමරන කණ්ඩායම් සහ හමුදාවෙන් පැන ගිය සාමාජිකයන් සතුව පවතින බවයි. මීට අමතරව, අතීතයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ ගිනි අවි සැලකිය යුතු ප්‍රමාණයක් ද මෙම නීතිවිරෝධී අවි ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. මෑත කාලීනව විවිධ රටවලින් නීතිවිරෝධී ලෙස මෙරටට ගිනි අවි රැගෙන එන මාර්‍ග පහක් උසස් පොලිස් නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර, එම මාර්‍ග ඉලක්ක කර ගනිමින් ආරක්ෂක මුරපොළවල් දැඩි කිරීමට පියවර ගෙන ඇත. පොලිස් වාර්‍තාවලට අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට 2026 ජූලි 03 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නීතිවිරෝධී ගිනි අවි 3,100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයින් වැඩිම ප්‍රමාණයක් වන ගිනි අවි 2,404ක් සොයාගෙන ඇත්තේ 2025 වසරේදීය. එම අවි අතර ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි 74ක්, පිස්තෝල 90ක් සහ දේශීය නිෂ්පාදිත ගිනි අවි 2,177ක් ඇතුළත් වේ. 2026 වසරේ මුල් මාස හයහමාරක කාලය තුළ පමණක් ගිනි අවි 719ක් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, ජාතික විගණන කාර්‍යාලය නිකුත් කළ අලුත්ම වාර්‍තාවකින් හෙළි වී ඇත්තේ පොලිස් භාරයේ තිබූ විවිධ වර්‍ගයේ ගිනි අවි 20ක් අතුරුදන්ව ඇති බවයි. ඒ අතර පිස්තෝල 5ක්, ටී-56 වර්‍ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 8ක් සහ එස්.එල්.ආර්. (SLR) වර්‍ගයේ ගිනි අවි 7ක් වන බව එම වාර්‍තාවේ සඳහන් වේ. මෙම අවි අතුරුදන් වීම මහජන ආරක්ෂාවට දැඩි බලපෑමක් බව විගණන කාර්‍යාලය පෙන්වා දෙයි. මීට අමතරව, ගිනි අවි උපාංග සහ පතරොම් අස්ථානගත වීම් සම්බන්ධයෙන් සිදුවීම් 228ක් ද වාර්‍තා වී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විජේපාල මහතා අවධාරණය කරන්නේ, පාතාල ක්‍රියාකාරකම් සහ නීතිවිරෝධී ගිනි අවි මැඩලීම සඳහා රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. අපරාධකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, අනවසර ගිනි අවි සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොීසියේ සම්පූර්‍ණ අනුමත නිලධාරීන් සංඛ්‍යාව 84,000කට අධික අගයක් ගත්තද, වර්‍තමාන සක්‍රීය සේවයේ නියුතු නිලධාරීන්ගේ ප්‍රමාණය එම අනුමත සීමාවට වඩා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. රටේ වත්මන් පොලිස් සේවයේ පවතින පුරප්පාඩු සහ නිලධාරීන්ගේ හිඟය 32,000කට ආසන්න බව තහවුරු කර ඇත. Security Forces Estimate 15,000 Illegal Firearms in Sri Lanka An alarming estimate from security officials indicates that approximately 15,000 illegal firearms are currently circulating throughout Sri Lanka. This revelation raises significant concerns about public safety and crime control, particularly with the involvement of organized crime groups. The Ministry of Public Security has highlighted that a majority of these unauthorized weapons are reportedly in the possession of criminal syndicates, hired assassins, and former military personnel. The presence of such arms poses a serious threat to law enforcement and community safety. Furthermore, a considerable number of these illegal weapons are believed to be remnants from the heyday of the now-defunct LTTE (Liberation Tigers of Tamil Eelam), indicating that the legacy of conflict continues to influence current security challenges. In recent assessments, high-ranking police officials have identified five significant routes through which illegal firearms are smuggled into the country from various nations. Targeting these channels, security measures have been intensified to bolster efforts in combating this illegal trade. Police reports reveal that over 3,100 illegal firearms were confiscated during operations conducted across the island from January 1, 2025, to July 3, 2026. Notably, the majority, amounting to 2,404 firearms, were seized in 2025 alone, including 74 T-56 automatic rifles, 90 pistols, and 2,177 locally manufactured weapons. In the first six months of 2026, 719 firearms were captured during enforcement activities. An alarming new report from the National Audit Office discloses that 20 different types of firearms under police custody have gone missing. Among these are five pistols, eight T-56 automatic rifles, and seven SLR (Self-Loading Rifle) firearms, raising serious questions about accountability within law enforcement. The disappearance of these weapons has been flagged as a significant threat to public safety, with the Audit Office also reporting 228 incidents related to the loss of firearms and ammunition. Anand Wijepala, Secretary of the Ministry of Public Security, emphasized the government’s intensified focus on dismantling underground operations and curbing the proliferation of illegal firearms. He assured that the legal framework against criminals would be strictly enforced, and ongoing operations to recover unauthorized firearms would continue to be reinforced. While the total sanctioned strength of the Sri Lanka Police exceeds 84,000 personnel, the current active force is noticeably below this authorized number. Confirming a shortfall of approximately 32,000 personnel, the ongoing deficiencies in police services raise additional challenges for maintaining law and order in the country. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

