FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සියපත ෆිනෑන්ස් ශ්‍රීපාද පුදබිමේ සමාජ සත්කාරක වැඩසටහනක

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දේශීය ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, සිය අභිමානවත් 21වන සංවත්සරය සහ ලෝක පරිසර දින සැමරීම ඒකාබද්ධ කරමින් “2026 ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය”පසුගිය ජුනි මස 5 සහ 6 යන දෙදින තුළ සාර්‍ථකව ක්‍රියාත්මක කළා. මෙවර ව්‍යාපෘතිය, පරිසර දූෂණය අවම කිරීම සඳහා නිවැරදි කිරීමේ සහ වළක්වා ගැනීමේ ක්‍රියාමාර්‍ග ඒකාබද්ධ කළ පුළුල් ප්‍රවේශයක් යටතේ ක්‍රියාත්මක වූ අතර, එහිදී එක් දිනක් තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් එක්‍රැස් කිරීමට සමත් වුණා. එමෙන්ම, නිසි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් ශ්‍රී පාද පුණ්‍ය භූමිය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ සංචාරකයින් සක්‍රීයව මෙම කාර්‍යය සඳහා සහභාගී කරවා ගැනීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වී තිබුණා. ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම කඳු ආශ්‍රිත අභයභූමිය වන ශ්‍රී පාදය, දේශියව ආවේණික ශාක හා සත්ත්ව විශේෂයන්ගෙන් 8%ක පමණ ප්‍රමාණයකගේ නිවහන බවට පත්ව ඇති අතර, වඳවීමේ තර්‍ජනයට ලක්ව ඇති විශේෂ රැසක්ද එහි දක්නට ලැබෙනවා. මෙම ප්‍රදේශය පහත්බිම් වැසි වනාන්තර, උප කඳුකර වැසි වනාන්තර සහ වලාකුළු වනාන්තර යන සුවිශේෂ පාරිසරික කලාප තුනකින් සමන්විත වන අතර, කැළණි, කළු සහ වලවේ යන ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගංගා තුන ඇතුළු ජල

Google AdSense

In-Article Ad