FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජපානයටත් වාර්‍තාගත වර්‍ෂාපතනයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දැඩි වර්‍ෂාපතනයත් සමඟ ජපානයේ ටෝකියෝ නුවර නරීටා ගුවන්තොටුපොළේ සංචාරකයින් දහස් ගණනක් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්‍තා කරයි. අයහපත් කාලගුණයෙන්මේ වන විට ජීවිත 4 ක්ද අහිමි ව තිබේ. එමෙන්ම ඒ අවට ප්‍රදේශවල හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රවාහන සේවාවලට බාධා ඇතිව ඇති අතර නිවාසවල විදුලිය විසන්ධි වී ඇති බව වාර්‍තා වේ. ජපානයේ කාර්‍යබහුලම නිවාඩු සතිවලින් එකක් වන මෙම කාලය තුළ, ටෝකියෝ අගනගරයට යාබදව පිහිටි චිබා ප්‍රාන්තයේ ප්‍රදේශවල පැය 24ක් ඇතුළත මිලිමීටර් 360 ඉක්ම වු වර්‍ෂාපතනයක් පතිත වී ඇති අතර, එයින් මාර්‍ග සහ දුම්‍රිය මාර්‍ග ජලයෙන් වැසී ගොස් ඇත. ජලයෙන් යට වූ වාහනයක සිරවීමෙන් සිදුවූ මරණයක් ඇතුළුව මරණ 4ක් මෙතෙක් තහවුරු කර ඇති අතර, තවත් අයෙක් අතුරුදන්ව ඇති බව සඳහන් වේ. සහන සේවා කටයුතු සඳහා හමුදා භටයන්ද එම ප්‍රදේශයට යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ප්‍රවාහන කටයුතුවලට ඇති වූ බාධා හේතුවෙන් නරීටා ගුවන්තොටුපොළේ පුද්ගලයින් 7,000කට ආසන්න පිරිසක් සිරවී සිටින බව සඳහන් වේ.

Google AdSense

In-Article Ad