FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාව සූදානම්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ප්‍රංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන 6 වන පරම්පරාවේ 'Future Combat Air System' (FCAS) ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියට එක්වීම සඳහා ඉන්දියාව නිල වශයෙන් මූලික පියවර තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එරට පාර්ලිමේන්තු ආරක්ෂක කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කර ඇත. ප්‍රංශ රජය මෙහෙයවන මෙම FCAS වැඩසටහනට සම්බන්ධ වීම සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි. මීට පෙර ඉන්දියාව, යුරෝපයේ දැනට පවතින 6 වන පරම්පරාවේ ගුවන් යානා ව්‍යාපෘති දෙකෙන් එකකට සම්බන්ධ වීම කෙරෙහි අවධානය යොමු කර තිබුණි. ඒ ප්‍රංශයේ FCAS ව්‍යාපෘතිය හෝ බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජපානය එක්ව ක්‍රියාත්මක කරන 'Global Combat Air Programme' (GCAP) ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ කාලීන මතභේද හේතුවෙන්, 2026 ජූනි මාසයේදී ප්‍රංශය සහ ජර්මනිය එකඟතාවයකින් යුතුව එම ඒකාබද්ධ ව්‍යාපෘතිය අවසන් කිරීමට තීරණය කෙරුණි. එම තීරණයෙන් පසුව, මෙම ව්‍යාපෘතිය සඳහා නව පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමට ප්‍රංශය අවධානය යොමු කළේය.

Google AdSense

In-Article Ad