
ලංකාවේ බිම් බෝම්බ ගැන සුප‍්‍රකට හොලිවුඩ් නිළියක් කතා කරයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවති මෙම හමුවේ දී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ රෝසමන්ඩ් මහත්මිය විමසූ අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන මෙම කාර්යභාරය පිළිබඳව සිය ප්‍රසාදයද පළ කළාය. දැනට ලංකාවේ බිම්බෝම්බ සහිතව තිබූ ප්‍රදේශවලින් 90%ක්ම සාර්ථකව නිදහස් කර අවසන්ය. ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 20.8ක භූමි ප්‍රමාණය ඉතාම සංකීර්ණ කටුක ප්‍රදේශ වන අතර ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් තොර රටක් බවට ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ විශේෂ පුහුණුවලත් සෙබළුන් 500 දෙනෙකු මේ සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර, අනෙකුත් අංශ හැරුණුවිට යුද හමුදා නිලධාරීන් පමණක් වසරකට වර්ග කිලෝමීටර 1.5ක් නිදහස් කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. මේ සඳහා රජය විසින් වෙන්කරන මුදල් ප්‍රමාණය පසු ගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි කර ඇත. මෙය හුදෙක් බිම්බෝම්බ ඉවත් කිරීමක් පමණක් නොව, උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරමින්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අතර විශ්වාසය ගොඩනගන උතුම් ජාතික මෙහෙයුමකි.
Google AdSense
In-Article Ad

