
මරණ දඬුමව නියම වූ අයෙක් පැන ගොස් සැගවෙයි.. අල්ලන්න ඔත්තු ඉල්ලයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
2019 වසරේ රාගම, වල්පොල ප්‍රදේශයේදී කාන්තාවකට පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කර ඇති චූදිතයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජන සහාය ඉල්ලා සිටියි. මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැති 38 හැවිරිදි පුද්ගලයෙකුටය. අදාළ අපරාධය සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ පැවති නඩු විභාගය සඳහා මොහු පෙනී නොසිට අධිකරණය මඟහැර සිටීම හේතුවෙන්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා මෙම දඬුවම නියම කර තිබේ. පොලිසිය විසින් ප්‍රසිද්ධ කර ඇති චූදිතයාගේ විස්තර මෙසේය. නම: රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග වයස: අවුරුදු 38 ජාතික හැඳුනුම්පත් අංකය: 871100837V ලිපිනය: අංක 35/1, උග්ගස්හේන, වල්පොල, රාගම. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ස්ථානාධිපති (රාගම): 071 8591604 ස්ථානාධිපති (අපරාධ අංශය): 071 9627561 Police Seek Public Assistance in Capturing Suspect of 2019 Murder in Ragama The Major Crimes Division of the police has issued a public appeal for assistance in apprehending a suspect convicted of murder in connection with an incident that occurred in 2019 in the Walpola area of Ragama. The suspect, identified as 38-year-old Ranepura Deva Gage Ranuka Erandha Wijethunga, has been sentenced to death by the Minuwangoda High Court. This sentence was handed down after the suspect failed to appear for his trial, prompting the court to proceed with the case in his absence, as stipulated by provisions under the Criminal Procedure Code. The legal process operated without the defendant being present, resulting in the imposition of the death penalty. The police have provided detailed information about the fugitive, which includes his personal particulars: Name: Ranepura Deva Gage Ranuka Erandha Wijethunga Age: 38 years National Identity Card Number: 871100837V Address: No. 35/1, Uggasena, Walpola, Ragama. Law enforcement officials are urging anyone with information regarding this individual to contact them immediately at the following numbers: Station Officer (Ragama): 071 8591604 Station Officer (Criminal Division): 071 9627561 *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

