
ජපුර රෝහලට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ... අසාධ්‍ය රෝගීන් පීඩාවට...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ, මීට පෙර එම රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එහි සේවය කළ අනෙක් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ද ඉල්ලා අස්වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. එතැන් පටන් මේ දක්වා ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු රෝහලට අනුයුක්ත කර නොමැති අතර, මේ හේතුවෙන් ස්නායු ශල්‍යකර්ම අවශ්‍ය වන රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෙනත් රෝහල් කරා යාමට සිදුව තිබේ. ඇතැම් අවස්ථාවලදී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කරන රෝගීන්ට අවශ්‍ය ශල්‍යකර්ම පහසුකම් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවිත පවා අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය වහා මැදිහත් වී ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු රෝහලට අනුයුක්ත කර ගැනීමට කටයුතු කළ යුතු බවත්, මීට අමතරව තවත් විශේෂඥ වෛද්‍ය ඒකක කිහිපයක පවතින වෛද්‍ය හිඟය කෙරෙහි ද රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

