
පැරණි ආණ්ඩුවල අඩුපාඩු කතා කරමින් අපට තවත් ඉස්සරහට යන්න බෑ..- මාලිමා මන්ත‍්‍රී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමිනි. පෙර පැවති ආණ්ඩුවල පැවති අක්‍රමිකතා සහ දූෂිත ක්‍රියාවන් පිළිබඳව දිගින් දිගටම කරුණු දැක්වීමෙන් පමණක් රටේ අනාගතය ගොඩනැගිය නොහැකි බව ඔහු මෙහිදී අවධාරණය කළේය. ජනතාව වත්මන් රජයට අතිමහත් ජනවරමක් ලබා දුන්නේ පෙර පැවති එම දූෂිත සහ අකාර්යක්ෂම ක්‍රමවේදය එලෙසම පවත්වාගෙන යාමට නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය. ජනතාව අපේක්ෂා කරන සැබෑ වෙනස උදෙසා ප්‍රායෝගිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතු කළ සුනිල් රත්නසිරි මහතා, පැරණි වැරදි පෙන්වා දීමෙන් ඔබ්බට ගොස් රට නව මාවතකට යොමු කිරීම රජයේ වගකීම බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

