
අලුත් පනත නිසා පෙරහැරේ ඇතෙකුට දම්වැලෙන් තුවාල වුනොත් විහාරාධිපති හෝ හිමකරු වසර දෙකක් හිරේ..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සත්ත්ව සුබසාධන පනත මුවාවෙන් මෙරට ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් සහභාගී කරවීම වැළැක්වීමට රජය උත්සාහ දරන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ නාමයෙන් ක්‍රියාත්මක කිරීමට යන මෙම නව නීති රීති හරහා පෙරහැරේ ධාතු කරඬුව වැඩම කරවීම සඳහා අලි ඇතුන් යොදාගැනීම සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවදානමක් පවතින බවයි. යම් හෙයකින් අලියෙකු දම්වැලකින් බැඳීම හෝ ඇත්ගොව්වා අතින් සිදුවන සුළු අතපසුවීමක් හේතුවෙන් සතෙකුට සුළු තුවාලයක් හෝ සිදුවුවහොත්, ඒ පිළිබඳව ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයකට (NGO) සෘජුවම මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණිලි කිරීමේ හැකියාව මෙම පනතින් හිමිවන බව වෛද්‍ය බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. එවැනි අවස්ථාවක අදාළ අලියාගේ අයිතිකරුට හෝ එම සතා පන්සලකට අයත් අයෙකු නම් විහාරාධිපති හිමියන්ට වසර දෙකක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කිරීමට මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇති බවද ඔහු අනාවරණය කළේය. Government Seeks to Prevent Elephant Participation in Historic Parades Amid Animal Welfare Concerns The National Organizations Collective has raised alarms regarding the government's efforts to prevent the participation of elephants in Sri Lanka's historic parades, citing the implications of the Animal Welfare Act. During a media briefing, Dr. Wasantha Bandara, a representative of the organization, articulated their concerns. He explained that the new regulations aimed at preventing cruelty to animals could significantly hinder the use of elephants in parades, posing a risk to this tradition. Dr. Bandara highlighted that under these regulations, if an elephant were to sustain even a minor injury from being restrained by a rope or from an accidental mishap, any registered non-governmental organization (NGO) would have the right to bring a complaint directly to the magistrate's court. This could place elephant owners in a precarious position. In instances where an elephant is owned by a temple or similar organization, the law permits harsh penalties, including up to two years of imprisonment and fines amounting to two hundred thousand rupees, as disclosed by Dr. Bandara. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

