
රක්ෂිතයක් ගිනි තැබූ සැකකරුවෙකුට අධිකරණයෙන් මතක හිටින දඩයක්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කදපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලු වී එම රක්ෂිතයේ ගිනි තැබූ සැකකරු නුවරඑලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් (05) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල පසු සැකකරු වරද පිලිගත් නිසා චූදිතට රක්ෂිතයට ඇතුලු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම වෙනුවෙන් රු .40000 ක දඩ මුදලක්ද , එම රක්ෂිතයේ ගිනි තැබීම තුලින් හෙක්ටයාර එකකට සිදු වු අලාභය වෙනුවෙන් රු .403,509.22 ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නියෝග කලහ . මෙසේ දඩ මුදල් ගෙවන ලෙස නියෝග කරන ලද්දේ නුවරඑලිය එදිරිසිංහ මාවතේ පදිංචි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නැමති 48 හැවිරිදි සැකකරුටය . සැකකරු ජූලි 21 දින එම රක්ෂිතයට ඇතුලු වී විනෝදයට රක්ෂිතයට ගිනි තබා ඇති අතර , පසුව නුවරඑලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කර රක්ෂිතයට ගිනි තැබූ සැකකරු අල්ලා බැදුම්කරයක් මත මුදා හැර (05) දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ . - රංජිත් රාජපක්ෂ Firebug Fined for Setting Blaze in Kaduwela Reserve A suspect has been charged for starting a fire in the Sitha Eliya Nature Reserve located in the Kadapola Bomura area. According to officials from the Nuwara Eliya Conservation Department, the individual entered the protected area before igniting the fire. The Nuwara Eliya Magistrate’s Court was informed of the case on the 5th of this month. Following a guilty plea, the court ordered the offender to pay a fine of Rs. 40,000 for trespassing into the reserve and for starting the blaze. Additionally, the fire resulted in damages amounting to Rs. 403,509.22 for one hectare of the reserve, which the court mandated the defendant to compensate. The ruling was made by Magistrate Buddika Harshani Dharmadasa, emphasizing the need for accountability in preserving Sri Lanka's environmental sanctuaries. The perpetrator, identified as 48-year-old Mohammad Farook, residing on Edirisinhal Mawatha in Nuwara Eliya, allegedly started the fire on July 21 for recreational purposes. Following the incident, the conservation officers undertook extensive efforts to control the resulting fire. The suspect was subsequently released on bail on the 5th when he was presented in court. - Ranjith Rajapaksha *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

