
විනිසුරු වයස ගැන බොරු කියලා මහ නාහිමිවරුන් රවට්ටලා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අධිකරණ අමාත්යවරයා සහ සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රජයේ දූත පිරිසක් (01) මහනුවරදී මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය. විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ ප්රතිපත්තිමය තීරණය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විවිධ කතාබහ සහ ගැටලු පිළිබඳව මෙහිදී මහානායක හිමිවරුන් දැනුවත් කළ බව අමාත්යවරයා පැවසීය. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු වූ කරුණු සහ එහි සැබෑ අරමුණ පැහැදිලි කිරීමෙන් පසු මහානායක හිමිවරුන් එම තත්ත්වය වටහාගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙම යෝජනාව වත්මන් අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් ගෙන ආ එකක් බවට එල්ල වන චෝදනා අමාත්යවරයා මෙහිදී ප්රතික්ෂේප කළේය. මෙම විශ්රාම වයස දීර්ඝ කිරීම මහේස්ත්රාත් අධිකරණයේ සිට ශ්රේෂ්ඨාධිකරණය දක්වා වූ සියලුම විනිසුරුවරුන් සඳහා පොදුවේ අදාළ වන්නක් බව ඔහු අවධාරණය කළේය. අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ගොඩගැසීමේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ගනු ලබන එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දුන් අමාත්යවරයා, අධිකරණ සංඛ්යාව වැඩි කිරීම, නව විනිසුරුවරුන් බඳවා ගැනීම සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම වැනි තවත් ක්රියාමාර්ග රැසක් රජය විසින් ගනිමින් සිටින බව ද සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

