FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තමිල්නාඩු විපක්ෂ නායක උදයානිධි ස්ටාලින් අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

තමිල්නාඩු හිටපු නියෝජ්‍ය ප්‍රධාන ඇමති සහ වත්මන් විපක්ෂ නායක වන උදයානිධි ස්ටාලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෑත කාලීන දේශපාලන රැලියක් අතරතුර වත්මන් තමිල්නාඩු ප්‍රධාන ඇමති සී. ජෝසප් විජේ ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට වන චෝදනාවකට අදාළවයි. සිද්ධිය සම්බන්ධයෙන් FIR ගොනු කිරීමෙන් අනතුරුව, චෙන්නායි හි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා. එමෙන්ම අදාළ රැළියේදීම උදයානිධි ස්ටාලින්ගේ ආධාරකරුවන් විසින් රංගන ශිල්පිනි ත්‍රිෂා ක්‍රිෂ්ණන් හටද අපහාසාත්මක වන ආකාරයේ සටන් පාඨ මතු කර තිබෙනවා. අනතුරුව මෙම මතභේදය උත්සන්න වූ අතර, තමිල්නාඩු පාලක තමිලග වෙට්‍රි කසගම් (TVK) පක්ෂයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සහ ජාතික කාන්තා කොමිසමට පැමිණිලි ගොනු කර තිබුණා. ඒ අනුවයි තමිල්නාඩු විපක්ෂ නායක උදයානිධි ස්ටාලින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. DMK පක්ෂ නායකයාද වන ඔහු තමිල්නාඩු හිටපු ප්‍රධාන ඇමති M.K. ස්ටාලින්ගේ පුත්‍රයාද වනවා. .

Google AdSense

In-Article Ad