FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දරුවන් පෙන්නා FB, U tube හි මුදල් ගරයි.. නවතන්නැයි රජයෙන් දැනුම් දීමක්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්‍ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීමේ මුවාවෙන් විවිධ පුද්ගලයන් මෙන්ම ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බව තහවුරු වී ඇති බවයි. දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව මෙලෙස දරුවන්ගේ දර්‍ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සිදුවන බව ද එහි සඳහන් වේ. එදිනෙදා ජීවන රටාව සමාජ මාධ්‍ය සහ Vlog සටහන් ඔස්සේ බාහිර පාර්‍ශ්වයන් වෙත විවෘත වීමෙන් දරුවන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. එපමණක් නොව, අන්තර්‍ජාලයට එක්කෙරෙන මෙවැනි ඡායාරූප සහ වීඩියෝ පට එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීම උදෙසා සමාජ මාධ්‍ය පරිශීලනයේදී මීට වඩා විමසිලිමත් සහ වගකීම් සහගත වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

Google AdSense

In-Article Ad