FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5 මුදල් අතුරුදන්වීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තු විවාදය අද

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට යළි රැස් වුණා. ඔස්ටේ්‍රලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් සකස් කල රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි පසුගියදා පැවති පාර්ලිමේන්තුව කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණේ. උදෑසන 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉන් අනතුරුවයි සභාව කල්තැබීමේ විවාදය ආරම්භවීමට නියමිතව ඇත්තේ. .

Google AdSense

In-Article Ad