
ඇල්බේනියාවේ විරෝධතා නිසා පොලිස් නිලධාරීන් 186 ක් ඇතුළු 295කට තුවාල
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඇල්බේනියාවේ අග්රාමාත්ය එඩි රාමා ප්රමුඛ රජයට එරෙහිව හටගෙන ඇති විරෝධතා සහ ප්රචණ්ඩකාරී ගැටුම් අඛණ්ඩව 07 වැනි දිනටත් පැවැත්වෙනවා. පාසල් සහ විශ්වවිද්යාල සිසුන් ප්රමුඛ විරෝධතාකරුවන් විසින් අග්රාමාත්යවරයාගේ ඉල්ලා අස්වීම, විශ්වවිද්යාල පහසුකම් ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහිව හඬ නඟමින් ටිරානා අගනුවර පිහිටි පොලිස් ස්ථාන සහ රජයේ ගොඩනැගිලි වෙත ප්රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. එහිදී පොලිස් නිලධාරීන් 186 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 295 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විරෝධතාකරුවන් විසින් එල්ල කළ ගල් කැටයක් පෙන්වමින් ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇමතු අග්රාමාත්ය එඩි රාමා සඳහන් කළේ, මෙවැනි ප්රචණ්ඩකාරී තත්ත්වයන් හමුවේ රාජ්යය පසුබැසීමට හෝ සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බවයි. එමෙන්ම යුරෝපයේ සහ ඇමෙරිකාවේ අන්තවාදී බලවේග විසින් මෙම තරුණ පිරිස් මෙහෙයවන බවට ද අග්රාමාත්යවරයා චෝදනා කර සිටිනවා. විරෝධතාකරුවන් විසින් නගරයේ උද්යාන සහ මාවත්වල ඇති ගල් ගලවා ගනිමින් පොලිස් නිලධාරීන්ට එරෙහිව ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කළේ. .
Google AdSense
In-Article Ad

