FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලක්‍ෂ 12ට විට්ස් දෙන්න 50%ක අධිභාරයක් ගහලා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මැතිවරණ සමයේදී රුපියල් ලක්ෂ 12කට 'විට්ස්' වර්‍ගයේ මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වූ මාලිමා රජය, අද වන විට වාහන ආනයනය මත 50%ක අධිභාර බද්දක් පනවා පාරිභෝගික අයිතිවාසිකම් සම්පූර්‍ණයෙන්ම විනාශ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ වන විට ගොවි, ධීවර, කම්කරු සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්‍මාන්ත ක්ෂේත්‍රයන්හි නියැලෙන පිරිස් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවත්, ඔවුන් මුහුණ දෙන පීඩාව පිළිබඳව රජයට කිසිදු තැකීමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. 2024 ජනාධිපතිවරණ සමයේදී 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' නිර්‍මාණය කරන බවට ජනතාවට පොරොන්දු ලබා දුන්නද, එම පොරොන්දු ඉටු කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම විදුලි බිල 33%කින් අඩු කිරීම, වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබාදීම සහ තරුණ පරපුරට සහන මිලට වාහන ලබාදීම වැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් චෝදනා කළේය. Opposition Leader Criticizes Government's Broken Promises Amid Economic Challenges During a press conference, Opposition Leader Sajith Premadasa emphasized the government's failure to deliver on its promises made during the election campaign, particularly regarding the provision of 'Wits' type vehicles at a cost of 12 million rupees. He pointed out that the introduction of a 50% excise tax on vehicle imports has completely devastated consumer rights. Premadasa further highlighted the severe hardships faced by those in the agricultural, fishing, labor, and SME sectors, asserting that the government shows no regard for the struggles this demographic is enduring. Despite pledging to create "a prosperous nation - a beautiful life" during the 2024 presidential election campaign, he criticized the government for failing to take any actionable steps towards fulfilling these commitments. He specifically called attention to the government's shortcomings in implementing essential electoral promises, such as cutting electricity tariffs by 33%, providing subsidized fuel for port operations, and making affordable vehicles available to the youth. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad