FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අමෙරිකානු යුද ශක්තිය දැවැන්ත බිඳවැටීමක... ආයුද හිගය ඉතාම දරුණුයි..- Wall Street Journal

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

කලාපයේ හමුදා මෙහෙයුම් පිළිබඳ සමීප දැනුමක් සහිත ජ්‍යෙෂ්ඨ අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් එම වාර්‍තාව පෙන්වා දෙන්නේ, ඉරානයේ නොනවතින ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු හමුදාවේ යුද සූදානම සහ මෙහෙයුම් ශක්‍යතාව බරපතළ පසුබෑමකට ලක්ව ඇති බවයි. දිගින් දිගටම එල්ල වන මෙම දැඩි පීඩනය හමුවේ ඉදිරියේදී ඉරානයට එරෙහි යුද මෙහෙයුම් ඵලදායීව පවත්වාගෙන යාමට ඇති හැකියාව මුළුමනින්ම ඇනහිටිය හැකි බව එක් නිලධාරියෙකු අනතුරු අඟවා ඇත. විශේෂයෙන්ම, ගුවන් ආරක්ෂණ මිසයිල තොග සීඝ්‍රයෙන් අවසන් වීම, සෙබළුන් මියයාම සහ තුවාල ලැබීම, යුද උපකරණ නඩත්තු ගැටලු, සෙබළුන් දීර්‍ඝ කාලයක් විවේකයකින් තොරව සටන් පෙරමුණේ රඳවා තැබීමට සිදුවීම සහ සැපයුම් මාර්‍ග ඇනහිටීම අමෙරිකානු හමුදාව මුහුණ දී සිටින ප්‍රධාන අර්‍බුද ලෙස හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය පෙන්ටගනයේ ආරක්ෂක අයවැයට ද දැරිය නොහැකි පීඩනයක් එල්ල කර ඇති අතර, අමෙරිකානු හමුදාවේ සූදානම පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය විසින් ලබා දුන් සහතිකයන් කෙරෙහිද මේ වන විට බරපතළ සැකයක් මතුව ඇත. ඉරානයේ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කලාපයේ ස්ථාපිත අමෙරිකානු ගුවන් ආරක්ෂණ පද්ධති අඩපණ වී ඇති බව පෙන්වා දෙන ආරක්ෂක අංශ, ට්‍රම්ප් පරිපාලනය ඉරානයේ සැබෑ යුද ශක්තිය නිසි ලෙස තක්සේරු කිරීමට අසමත් වූ බවත්, මෙම ගැටුම සඳහා වොෂින්ටනය සතුව කිසිදු නිසි සැලසුම්කරණයක් නොතිබූ බවත් පවසයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර වොෂින්ටනය වෙත දැඩි ආර්‍ථික සහ දේශපාලන පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් ඉරානය මෙම Go for broke ප්‍රහාරක උපක්‍රමය දියත් කර ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති. ඉරාන ප්‍රහාර හේතුවෙන් කලාපය පුරා පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන රැසකට බරපතළ හානි සිදුව ඇති අතර, බහරේනයේ මනමා හි පිහිටි අමෙරිකානු 5 වන නාවික බලඇණි මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මාස හයකට පසුවද එහි කටයුතු යථා තත්ත්වයට පත් කරගැනීමට නොහැකි වී තිබේ. The Wall Street Journal පුවත්පත සිදුකළ විමර්‍ශනයකට අනුව, අදාළ 5 වන බලඇණි මූලස්ථානය, සෙබළ නවාතැන් සහ සන්නිවේදන පද්ධති යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික මුදලක් වැය වනු ඇත. මීට අමතරව, අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන සුපිරි නෞකා ද දැඩි අර්‍බුදයකට ලක්ව ඇත. USS Gerald R. Ford නෞකාවේ හටගත් ගින්නකින් ඊට බරපතළ හානි සිදුව ඇති අතර, USS Abraham Lincoln නෞකාව කිසිදු වරායකට ඇතුළු නොවී මාස 9ක් පුරා අඛණ්ඩව මුහුදේ රැඳී සිටීම නිසා එහි කාර්‍ය මණ්ඩලයේ මානසික තත්ත්වය සහ සැපයුම් දැඩි ලෙස කඩා වැටී ඇත. මෙම නෞකා සඳහා අවශ්‍ය ඉන්ධන සහ ආහාර සැපයුම් ලබාගැනීමට ඉන්දියන් සාගරයේ දියේගෝ ගාර්‍සියා කඳවුරේ සිට සැතපුම් 2,000කට වැඩි දුරක් යාත්‍රා කිරීමට සිදුව තිබේ. ඒ සඳහා දින 14 සිට 18 දක්වා දීර්‍ඝ සැපයුම් චක්‍රයක් අවශ්‍ය වන අතර, මෙම සැපයුම් ක්‍රියාවලිය දීර්‍ඝකාලීනව පවත්වාගෙන යා නොහැකි එකක් බව අමෙරිකානු යුද දෙපාර්‍තමේන්තුවේ අභ්‍යන්තර විමර්‍ශන වාර්‍තාවක් මගින්ද තහවුරු කර ඇත. පෙන්ටගන පරීක්ෂක ජනරාල් වාර්‍තාවට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට බහරේනය, ජෝර්‍දානය, ඉරාකය, කුවේටය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල පිහිටි අමෙරිකානු කඳවුරුවල ගොඩනැගිලි සිය ගණනක් මුළුමනින්ම විනාශ වී හෝ අලාභහානි වී ඇති අතර, අමෙරිකානු යුද ගුවන් යානා දුසිම් ගණනක් විනාශ වී තිබේ. එසේම පේට්‍රියට් සහ තාඩ් වැනි අතිනවීන ප්‍රති-මිසයිල පද්ධතිවල මිසයිල තොග සීඝ්‍රයෙන් අවසන් වීම හේතුවෙන්, කලාපය තුළ තවදුරටත් අමෙරිකානු හමුදා රැඳී සිටීම දැඩි අවදානමකට ලක්ව ඇති බව විදෙස් වාර්‍තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Google AdSense

In-Article Ad