FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බදු අඩු නොකලොත් ඩීසල් ලීටරය 530යි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

හූති සටන්කාමීන් විසින් බාබ් අල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ බලය අල්ලා ගැනීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරන නෞකාවලට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පසුගිය පෙබරවාරියෙන් පසු වාර්‍තා වූ ඉහළම ඩීසල් මිල සටහන් වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සිය ඩීසල් ආනයනයේදී පදනම් කරගන්නා සිංගප්පූරු ප්ලැට්ස් වෙළෙඳපොළේ ඩීසල් බැරලයක මිල පෙර පැවති ඩොලර් 90 සීමාවේ සිට සියයට 100කින් පමණ ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 180.60ක් දක්වා වර්‍ධනය වී ඇති අතර බ්‍රෙන්ට් වර්‍ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 108ක් ලෙසද, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 103.3ක් ලෙසද සටහන්ව ඇත. ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 330ක් ලෙස සැලකූ විට, ඩොලර් 180.60ක් වන ඩීසල් බැරලයක (ලීටර් 159) පිරිවැය පමණක් රුපියල් 59,598ක් වන අතර ඒ අනුව ආනයනය කරනු ලබන ඩීසල් ලීටරයක මූලික මිල රුපියල් 375ක් පමණ වේ. ඊට අමතරව අවදානම් කලාප ඔස්සේ යාත්‍රා කිරීම හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ වාරික සඳහා ඩොලර් මිලියන 10 සිට 20 දක්වා අතිරේක මුදලක් දැරීමට සිදුවීම නිසා ලීටරයක් මෙරටට ගොඩබෑමේ පිරිවැය තවදුරටත් ඉහළ යයි. මෙම ගොඩබෑමේ පිරිවැයට රජය විසින් පනවා ඇති බදු, මෙහෙයුම් වියදම්, ප්‍රවාහන ගාස්තු සහ බෙදුම්කාර කොමිස් මුදල් එකතු වූ විට පිරිවැය ආවරණය වන පරිදි ඩීසල් ලීටරයක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් 515 ඉක්මවූ මිලකටය. වාර්‍තාව තවදුරටත් පෙන්වා දෙන්නේ වත්මන් වසරේ මුල් මාස හත තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.62ක් වැය කර ඇති බවත්, එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 68ක දැවැන්ත වර්‍ධනයක් බවත්‍ය. ලෝක වෙළෙඳපොළේ මෙලෙස අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ යාම මෙරට විදේශ විනිමය සංචිතයට මෙන්ම දේශීය උද්ධමනයටද දැඩි පීඩනයක් එල්ල කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

Google AdSense

In-Article Ad