
මේ සටනේ අපිට Plan B එකක් නෑ... නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහයයි – සංජීව එදිරිමාන්න
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දියත් කරන සටනේ ‘Plan B එකක්’ නොමැති බවත්, 2029 හෝ ඊට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයකින් නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීම තම උත්සාහය බවත් හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා. තමුන්ගේ එකම තේරීම නාමල් රාජපක්ෂ පමණක් බවත්, එම සටන ජයග්‍රහණයෙන් අවසන් කරන බවට සමාජයට මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවට ද ප්‍රකාශ කරන බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට හෝ ඔහුගේ අයුක්ති සහගත දේශපාලන බලයට මෙම සටන කිසිසේත් නතර කළ නොහැකි බවයි හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Google AdSense
In-Article Ad

