FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මන්ත්‍රීවරයෙක් පහර දුන්නැයි ව්‍යාපාරිකයෙන් පොලිසි යයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මංජුල අතුකෝරාල නමැත්තා තමන්ට පහර දුන් බවට ඖෂධ වෙළෙඳසලේ හිමිකරු වන සුගත් සෙනවිරත්න නමැත්තා පොලිසියට පැමිණිලි කර ඇත. අදාළ දැන්වීම් පුවරුව නගර සභාවට නියමිත මුදල් ගෙවා නීත්‍යනුකූලව සවිකර තිබියදී, නගර සභාවේ පාලක පක්ෂයට හිතවත් වෙනත් වෙළෙඳසල් හිමිකරුවෙකුගේ අවශ්‍යතාවක් මත එය ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවූ බව ඖෂධසල් හිමිකරු සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙයි. මේ අතර, ඖෂධ වෙළෙඳසලේ හිමිකරු තමන්ට පහර දුන් බව පවසමින් නාගරික මන්ත්‍රී මංජුල අතුකෝරාල මහතා විසින්ද දඹුල්ල පොලිසියට ප්‍රතිපැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, පහර කෑමට ලක්වූ බව කියන කිසිදු පාර්‍ශ්වයක් රෝහල්ගතව නොමැති බව පොලිසිය තහවුරු කරයි. මෙම ගැටුම්කාරී තත්ත්වය හටගත් අවස්ථාවේදී දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා විසින් දඹුල්ල පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් එම ස්ථානයට ගොස් පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දෙපාර්‍ශ්වය අතර පැවති උණුසුම් තත්ත්වය සමනය කිරීමට පියවර ගෙන ඇත.

Google AdSense

In-Article Ad