FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පර ගස්සයි.. ඉදිරි නඩුවලට සිර ඇදුමෙන් හෝ සිවුරෙන්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිරකරුවන් සඳහා නියමිත ඇඳුම (ජම්පරය) ලබා දී ඇති අතර, උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා තැබීමට පියවර ගෙන ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කරන්නේ, බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේ වෙත නියමිත සිරකරු ඇඳුම අද පස්වරුවේ ලබා දුන් බවත්, ඒ අනුව උන්වහන්සේ සිවුර ඉවත් කර අදාළ ජම්පරය හැඳ සිටින බවත්‍ය. කෙසේ වෙතත්, ඉදිරියේදී අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කෙරෙන අවස්ථාවලදී බන්ධනාගාර අධිකාරීවරයාගේ පූර්‍ව අනුමැතියට යටත්ව ඥානසාර හිමියන්ට යළි සිවුර ඇදීමේ හැකියාව පවතින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි. Prison Garb Issued to Religious Leader Galagodaaththe Gnanasara Thera The incarceration of prominent Buddhist monk Galagodaaththe Gnanasara Thera has sparked significant attention, as he has now been provided with the official prison attire, commonly referred to as the "jacket". Reports confirm that he is currently being held in a facility designated for regular inmates. According to Senior Prison Media Spokesperson Senaka Palletana, the customary prison clothing was delivered to the monk on Wednesday afternoon following his sentencing. As a result, he has removed his traditional robe and is now wearing the designated jacket. However, it is noted that during upcoming court proceedings, there remains the possibility that the prison authorities may seek prior approval to have him re-wear his traditional robe if deemed appropriate. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad