FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්‍ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..

FM Heart · 2 min read

The Heart Academy
රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. සතිඅන්ත පුවත්පත්වල මංගල දැන්වීම් පිටු ඔස්සේ නිශ්චිත කුලයන් සඳහන් කරමින් දැන්වීම් පළකිරීම තුළින් සමාජය තුළ වක්‍ර හිංසනයක් සහ බෙදීමක් නිර්‍මාණය වන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, පුද්ගල තීරණ පිළිබඳ කාරණා පසෙක තැබුවද සමාජයක් වශයෙන් මෙවැනි ප්‍රවණතා පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව ඇති බවයි. විශේෂයෙන්ම ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කාන්තාවන් සහ පිරිමින් ඉලක්ක කරගනිමින් මිථ්‍යාව වපුරන වෙළෙඳ දැන්වීම් බහුලව ව්‍යාප්ත වී ඇති බව ඇය පෙන්වා දුන්නාය. වශී ගුරුකම්, විවිධ තෙල් වර්‍ග ආලේප කිරීමෙන් සියල්ල විසඳෙන බව කියන ප්‍රචාර මඟින් ජන මනස විකෘති කරමින්, ඉදිරි පරපුර පවා නොමඟ යැවීමේ දැවැන්ත ප්‍රයත්නයක් පවතින බවත්, මෙවැනි විකෘති තත්ත්වයන් වහා පාලනය කළ යුතු බවත් ඇය අවධාරණය කළාය. ඕනෑම සමාජයක් පසුපසට නොගොස් ප්‍රගමනයක් කරා ඉදිරියට ගමන් කළ යුතු බව ප්‍රකාශ කළ අමාත්‍ය සරෝජා පෝල්‍රාජ් මහත්මිය, කලාව, මාධ්‍යය මෙන්ම සාහිත්‍යය ද සමාජය නිවැරදි දිශානතියකට මෙහෙයවන මෙවලම් විය යුතු බව පැවසුවාය. ජනමාධ්‍ය තුළින් මෙවැනි නුසුදුසු අන්තර්‍ගතයන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා අදාළ ආචාරධර්‍ම පද්ධතිය නීතිගත කරමින්, පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවීමට බලාපොරොත්තු වන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
99mobile