FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

යතුරු පැදි සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

FM Heart · 1 min read

The Heart Academy
යතුරු පැදි සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඇළපාත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම් කරන ලද යතුරුපැදි 03 ක්, යතුරුපැදි චැසි කොටස් 11ක්, යතුරුපැදි එන්ජින් කොටස් 05 ක් සහ අංක තහඩු 19 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුවිට සහ උඩවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. .
99mobile