
රුසියාව න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රදවයි.. ඔ්නෑම තැනක නිදහස් ඉලක්ක වෙයි..
FM Heart · 2 min read
ජර්‍මනියේ NDR සහ WDR විකාශන ආයතන මෙන්ම ‘සූඩ්ඩොයිචේ සයිතුං’ පුවත්පත නිකුත් කළ ඒකාබද්ධ වාර්‍තාවකට අනුව, ජර්‍මානු ෆෙඩරල් බුද්ධි සේවය (BND) ඇතුළු බටහිර බුද්ධි අංශ සහ සන්නද්ධ හමුදා අතර හුවමාරු වූ රහස්‍ය බුද්ධි තොරතුරුවලින් මේ බව තහවුරු වී තිබේ. ‘ස්පුට්නික්-එස්’ යනුවෙන් නම් කර ඇති මෙම ආන්දෝලනාත්මක චන්ද්‍රිකාව මීට වසර කිහිපයකට පෙර එකලස් කර ඇති අතර, එය දැනට මොස්කව් කලාපයේ රහසිගතව ස්ථානගත කර ඇති බව එම බුද්ධි තොරතුරු පෙන්වා දෙයි. කෙසේවෙතත්, මෙම මාධ්‍ය වාර්‍තා සම්බන්ධයෙන් ජර්‍මනියේ පිහිටි රුසියානු තානාපති කාර්‍යාලය, ජර්‍මානු BND බුද්ධි සේවය හෝ බ්‍රසල්ස්හි පිහිටි නේටෝ මූලස්ථානය මෙතෙක් නිල වශයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොමැති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. අභ්‍යවකාශය තුළ න්‍යෂ්ටික පිපිරීමක් සිදුකරමින් සතුරු චන්ද්‍රිකා විනාශ කළ හැකි අවියක් රුසියාව සංවර්‍ධනය කරමින් සිටින බවට මීට පෙර අමෙරිකානු බලධාරීන් කළ චෝදනා රුසියාව විසින් 2024 වසරේදී තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය. එහෙත්, යුක්‍රේන හමුදා යුද බිමේදී සන්නිවේදනය සඳහා බහුලව භාවිත කරන ඉලොන් මස්ක්ගේ ‘ස්ටාර්‍ලින්ක්’ වැනි සමස්ත චන්ද්‍රිකා ජාලයන්ම එකවර අඩපණ කර දැමිය හැකි න්‍යෂ්ටික අභ්‍යවකාශ අවියක් රුසියාව වසර ගණනාවක සිට නිපදවමින් සිටින බවට අමෙරිකානු බුද්ධි අංශ දිගින් දිගටම චෝදනා කරයි. මේ අතර, රුසියාවේ මෙම ක්‍රියාකලාපය අතිශය භයානක ප්‍රකෝප කිරීමක් බවට ජර්‍මානු දේශපාලන නායකයින් චෝදනා කරන අතර, අදාළ තත්ත්වය පිළිබඳව නිරන්තර දැඩි සුපරීක්ෂාවෙන් පසුවන බව නේටෝ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

