
කොළඹ කොටස් ලොකු පල්ලමකට...
FM Heart · 1 min read
වෙළෙඳපොළ දත්ත වාර්‍තාවලට අනුව, සමස්ත වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබිඹු කරන සියලු කොටස් මිල දර්‍ශකය (ASPI) දිනය තුළ ඒකක 127.20කින් හෙවත් සියයට 0.60කින් පහත වැටී ඒකක 21,242.52ක් ලෙස සටහන් විය. එමෙන්ම, වඩාත් සක්‍රීය හා ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්‍ශකය ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 29.11කින් (සියයට 0.48කින්) පහත වැටී ඒකක 6,046.17ක් දක්වා පසුබැස තිබේ. දෛනික ගනුදෙනු ප්‍රවණතාව නිරීක්ෂණය කිරීමේදී, උදෑසන 9.30ට වෙළෙඳපොළ ආරම්භ වූ මොහොතේ සිටම ප්‍රධාන දර්‍ශකවල තියුණු පහත වැටීමක් පෙන්නුම් කළ අතර, ඉන් අනතුරුව දවස පුරා සැලකිය යුතු ප්‍රකෘතිමත් වීමකින් තොරව එම අවම මට්ටම් ආශ්‍රිතව දෝලනය වෙමින් දිනය නිමා විය. දිනය තුළ සමස්ත ගනුදෙනු 14,474ක් වාර්‍තා වූ අතර, හුවමාරු වූ මුළු කොටස් සංඛ්‍යාව 46,549,086ක් (මිලියන 46.5ක්) ලෙස සටහන්ව තිබිණි.

