
චීන සිනොපෙක් ඩොලර් බිලියන හතරක ආයෝජනය අතුරුදන්.. තියෙන ආයෝජනත් රට හැර යනවා..
FM Heart · 9 min read
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා , විශේෂයෙන්ම අද එක පැත්තකින් විදේශ අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්නේ. දැන් පහුගිය අවුරුද්දේ අයවැයෙන් බිලියන දෙකක් මේ අමාත්‍යාංශයට වෙන් වුණා. බිලියන දෙකක්. ප්‍රාග්ධන වියදම් වලට වෙන් වෙච්ච රුපියල් බිලියන දෙක එහෙම නැත්නම් මිලියන 2119න් මිලියන 420යි වියදම් කරේ. මිලියන 420යි. දැන් ඉතුරු ටික තමයි ඔබ තමුන් වහන්සේලා ඉතුරු බිලියන 1.6 තමයි ඉතිරිය විදිහට කතා කරන්නේ. සංචාරක ව්‍යාපාරයේ තරුණයාගේ පුහුණුව සඳහා, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් වලට, අමාත්‍යාංශයෙන් අයවැයෙන් වෙන් වෙච්ච මුදල් වලින් 20%යි ගරු මන්ත්‍රීතුමිය. ඇමතිතුමාට පහුගිය අවුරුද්දේ වියදම් කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. දැන් මේ සංචාරක ව්‍යාපාරය ගැන වගේම මම ඒ තැනට එන්නම්. හැබැයි විදේශ කටයුතු අමාත්‍යාංශය. දැන් රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව. දැන් ඔබ තමුන් වහන්සේලාගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මම හිතන්නේ ඔබටත් අවබෝධයක් නෑ. මොකද ඔබ බලයට එන්න කලින් හිටපු විදේශ ප්‍රතිපත්තියට වඩා හාත්පසින් වෙනස් මාතෘකා මත ඔබේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වීමක් අපි දකිනවා. එහෙම නැත්නම් ලෝකයේ තමන්ට ඒ බලපෑම් රටට එන්නේ කොහොමද කියලා බලලා ඔබ තමුන් වහන්සේලාට වාසි විදිහට එහෙම නැත්නම් ඒකෙන් බේරෙන්න ඔබ තමුන් වහන්සේලාගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරගන්නවා. දැන් පහුගිය දවසේ ඉරානේ නෞකාවකට අපේ මුහුදු තීරයේ සිද්ධියක් වුණා. හැබැයි එදා ඔබ තමුන් වහන්සේලාගේ ආණ්ඩුව අපි සතුටු වෙනවා අර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එදා හැසිරිච්ච ආකාරයටම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හරහා ගිහිල්ලා ඒ නැවේ හිටපු අය බේරගන්න කටයුතු කරලා අදටත් ඒ කාරණය සිද්ධ වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඔබ අදටත් අපොහොසත් වෙලා තියෙනවා ඒ සිද්ධිය සිද්ධ වෙන ආකාරය පිළිබඳව අපි දැනගෙන හිටියාද නැද්ද කියන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. අපේ ජාත්‍යන්තර මුහුදේ ජාත්‍යන්තර අපිට අයිති මුහුදු තීරයක සිද්ධ වුණේ. මේ සිද්ධිය පිළිබඳව අපි දැනගෙන හිටියාද නැද්ද? එහෙමත් නැත්නම් අපේ මුහුදු තීරයේ ආරක්ෂාව පිළිබඳව ඔබ තමුන් වහන්සේලාට අවබෝධයක් තියෙනවාද? මැරීන් MDA එක පිළිබඳව, මැරීන් ඩොමේන් අවෙයාර්නස් එක පිළිබඳව අපි මොන ප්රතිපත්තියද අනුගමනය කරන්නේ? ඒකට අවශ්‍ය පියවර අපි ගන්නවාද? අපි නැවත වතාවක් මතක් කරනවා ආණ්ඩුවට. 2011 කලම්බු සිකියුරිටි කොන්ක්ලේව් එක ආරම්භ කරේ MDA එක බේස් කරගෙන. මැරීන් ඩොමේන් ඇවෙයාර්නස් එක බේස් කරගෙන. එදා කලම්බු සිකියුරිටි කවුන්සිල් එක හරහා තමයි ඒ පිළිබඳ අවශ්‍ය ප්‍රතිපත්ති සහ කෝපරේෂන් එක, රීජනල් කෝපරේෂන් එක පිළිබඳව ලංකාව, ඉන්දියාව, සීශෙල්ස් වගේ රටවල් සාකච්ඡා කළේ. එය නැවත ආරම්භ කරලා ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ අනුගමනය කරන්න කියන ඉල්ලීමත් අපි ඇමතිවරයාට මතක් කරනවා. තවත් පැත්තකින් ආයෝජනය. අද ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂාව කියන කාරණා සියල්ලම බද්ධ වෙලා තියෙන්නේ. රටේ ආර්ථිකය ශක්තිමත් වුනොත් තමයි ජාතික ආරක්ෂාව ආරක්ෂා වෙන්නේ. විදේශ ප්‍රතිපත්තිය ඒ හා බැඳිච්ච කාරණයක් විශේෂ විශේෂ වූ කාරණයක් විදිහට අපි අද ලෝකයේ හැම රටක්ම පිළිගන්න කාරණයක්. දැන් ගරු සභාපතිතුමිය, අපේ විදේශ ප්‍රතිපත්තිය ඇතුළේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන වැඩපිළිවෙළ මොකක්ද? මොකක්ද වැඩපිළිවෙළ? IMF එක කියන කියන විදිහට බදු වැඩි කරන එකද? එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ආයෝජකයෝ අපේ රටට අරගෙන එන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන එකද? දැන් ජනාධිපතිවරයා තමන්ගේ කතාවෙත් කිව්වා මේ අලුත් වෙළඳ ගිවිසුම් ගැන. ඔය කාරණය ඔය ජනාධිපතිවරයා ගිය අවුරුද්දේ අයවැය කතාවෙත් කිව්වා. ඊටත් කලිනුත් කිව්වා. හැබැයි අද වෙනකන් චීනය එක්ක හෝ වේවා, තායිලන්තය එක්ක හෝ වේවා, ඉන්දියානු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අලුත් නවීකරණ නූතනත්වයට ගැලපෙන විදිහට වෙනස් කරන කාරණා වලට ඔබ තමුන් වහන්සේලා සක්‍රීයව ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? සක්‍රීයව ගත්තු වැඩපිළිවෙළ මොකක්ද? ඒ වගේම තමයි අද එක පැත්තකින් ඔබ බලයට ආපු ගමන් අදානි කියන ඉන්දියන් ආයෝජකයාව හරවලා යැව්වා. චයිනා මර්චන්ට් චීන සමාගම කොළඹ ඔබ හරවලා යැව්වා. ඔබේ ජනාධිපතිවරයා චීනයට ගිහිල්ලා චීන ජනාධිපතිවරයා එක්ක ගිවිසුමක් අත්සන් කරා ලංකාවේ ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගේන්න. දැන් මේ අත්සන් කරපු ආයෝජනය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාම හතරක් තිබ්බා මට මතක විදිහට. ජනාධිපතිවරයාම. දැන් ඒ ආයෝජන බිම් මට්ටමේ යථාර්ථයක් වෙන්න ඔබ තමුන් වහන්සේලා ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ ඒ ආයෝජකයෝ හැරිලා ගිහිල්ලා. ඇයි? ඔබ තමුන් වහන්සේලා ලෝකේ අර අර මම ඉස්සෙල්ලා පටන් ගත්තේ ඒකනේ. එක එක අය සතුටු කරන්න ගිවිසුම් අත්සන් කරන්නේ. ඔබේ විදේශ ප්‍රතිපත්තිය සතුටු කරවීම, රැවටීම, බොරු කිරීම. දැන් ඔබ මැතිවරණ කාලේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව මේ රටේ ජනතාවට බොරු කරා පමණක් නෙමෙයි දැන් ජාත්‍යන්තරයටත් බොරු කරන තැනට ඔබ තමුන්නාන්සේලා පත්වෙලා තියෙනවා. ජාත්‍යන්තරයටත් බොරු කරන තැන. තවම චීනයට, ඇමරිකාවට, ජර්මනියට, කැනඩාවට තානාපතිවරු පත් කරගන්න ඔබ තමුන් වහන්සේලා අපොහොසත් වෙලා තියෙනවා. තානාපතිවරු පත් කරගන්න. අඩු ගාණෙන් සභාපතිතුමිය මේ තානාපතිවරු ටික පත් කරගන්නකෝ වෙළඳ ගිවිසුම් ගහන්න කලින්. ඒ ගැන සාකච්ඡා කරන්න. අද වෙනකන් මේ ප්‍රධාන රටවල් කීපයක් විතරයි. තව රටවල් ගණනාවක් තියෙනවා තානාපතිවරු පත් කරගන්න බැරි වෙච්ච. දැන් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකයි. සමහර මාස හය හත තානාපතිවරු නෑ විශේෂ ප්‍රධාන රටවල් වලට. ඉතින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඒ එක්කම විදේශ රැකියා සම්බන්ධයෙන්. අදටත් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඊශ්‍රායල රැකියා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මැදිහත් වෙන්න. ඒ වගේම තමයි අලුත් වෙළඳ ගිවිසුම් වලට ඔබ තමුන් වහන්සේලා යනවා වගේම අලුත් වෙළඳපොළ හොයාගන්න. රැකියා අහිමි වෙනවා. මැද පෙරදිග කලාපයේ තියෙන අර්බුද එක්ක රැකියා වල යම් අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි මේවා සඳහා අවශ්‍ය අලුත් වෙළඳපොළවල් හොයාගන්න ඕනේ රැකියා වෙළඳපොළවල්. ඒ සඳහා ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැතුව බලන් ඉඳලා දැන් මැද පෙරදිග ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා කෙඳිරි ගාලා හරියන්නේ නෑ. දැන් පහුගිය දවස්වල අනෝජන් තරුණයාගේ ප්රශ්නය ආවා. ඔබ තමුන් වහන්සේලා සාධනීය මැදිහත් වීමක් කරා. ඒ සාධනීය මැදිහත් වීම තුළ සෞදි රජය තීන්දු කරා ඉස්ලාම් රටක් වුණත්, ඉස්ලාම් ආගමට අගෞරව කරලා තිබුණත්, ඒ මැදිහත් වීම මත ඒ තරුණයාගේ මරණ දණ්ඩනය අයින් කරා. දැන් මේ බෞද්ධ රටක් අපේ රට. දැන් ඥාණසාර හාමුදුරුවන්ට තියෙන්නෙත් ඔය චෝදනාවමනේ. දැන් අපේ ජනාධිපතිතුමාට මේ රටේ අනුර කුමාර ජනාධිපතිතුමාට මැද පෙරදිග ඉස්ලාම් රටක නායකයෙක්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් නම් ඒ නායකයාගේ ආගමට අගෞරව කරපු තරුණයාගේ ජීවිතය බේරලා දෙන්න කියලා, දැන් අනුර කුමාර ජනාධිපතිතුමාට පුළුවන් ප්‍රායෝගිකව තමන්ගේ රටේ ඒ චෝදනාවම තියෙන ඥාණසාර හාමුදුරුවන්ටත් සමාව දෙන්න. ඒක දැන් බෑ කියන්න බෑනේ. දැන් ජනාධිපතිතුමාම ඉල්ලලා තියෙනවනේ තවත් රටක ජනාධිපතිවරයෙක්ගෙන් ඒ කාරණය පිළිබඳව මැදිහත් වෙන්න කියලා. ඒ රටේ නායකයා සාධනීයව මැදිහත් වෙලා තියෙනවනේ. දැන් අපේ රටේ ජනාධිපතිතුමාටත් පුළුවන් ඥාණසාර හාමුදුරුවන්ට මැදිහත් වෙන්න. එහෙම නොවෙනවා නම්, එහෙම නොවෙනවා නම් ඒ හුදෙක් දේශපාලනික කාරණයක් මත මිසක් වෙනත් කාරණයක් විදිහට දකින්න විදිහක් නෑ ගරු සභාපතිතුමිය. දැන් සංචාරක ව්‍යාපාරය. දැන් ගරු ඇමතිවරයා මෙතන ඉඳන් කිව්වා සංචාරකයෝ එනවා එනවා ගුවන් යානා. ඔව් සංචාරකයෝ අපේ රටට යුද්ධ කාලෙත් ආවා. පහුගිය අවුරුදු ගණනාවම සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව වැඩි වෙලා තියෙනවා. හැබැයි දැන් මේ ඔබ අපේක්ෂා කරන ආදායම ඒ ආකාරයටම එනවද? මේ රටේ එන සංචාරකයන්ගෙන් ඒ අපේක්ෂිත ආදායම එනවද? ඒ සංචාරකයෝ ඒ එන තැන්වල ගෙවන ගෙවීම් සම්බන්ධයෙන් අපේ රටේට පූර්ණ කාලීනව පූර්ණ ලාභයක් ලැබෙනවාද? මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕනේ ගරු සභාපතිතුමිය. දැන් මේ අවුරුද්ද මුලදී ඔබ තමුන් වහන්සේලා අතීතයට බලපාන විදිහට මේ සංචාරකයගේ ලංකාවට එන සංචාරක ව්‍යාපාරය ලංකාවට එන ආදායම ගණනය කිරීම වෙනස් කරා. ඉකොනොමික් නෙක්ස්ට් කියන සඟරාවේ තියෙනවා "Sri Lanka's Tourism Board revised tourism earning calculation retrospectively from January 2026". දැන් මොන හේතුවක් මතද මේ ගණනය කිරීම කරන්න කිරීම වෙනස් කරේ කියන ප්‍රශ්නෙත් අපිට අහන්න වෙනවා. එහෙම නැත්නම් ඒ ගණනය කිරීම වෙනස් කරන්න ඔබ තමුන් වහන්සේලා පාදක කරගත්තේ මොන සූත්‍රයද? මොකද අපි දකිනවා ඔබේ ආණ්ඩුව ඔබට වාසියි කියලා හිතෙන සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. ඒකේ අවංකව ඇත්තටම ඒකෙන් මිල ගණන් සහ ඒ ගණනය කිරීම හරිද වැරදිද කියන ප්රශ්නය තියෙනවා. හැබැයි මේ මේ සූත්රයෙත් ඔබ තමුන් වහන්සේලා අතීතයට බලපාන විදිහට හඳුන්වලා දුන්නේ යම්කිසි හේතුවකින් සංචාරක ව්‍යාපාරයේ ලංකාවට එන ආදායම අඩුවීම වැඩි කරලා පෙන්නන්නද කියන ප්රශ්නය අද තියෙනවා ගරු සභාපතිතුමිය සමාජයේ. ඒ වගේම තමයි මේ සංචාරක ව්‍යාපාරය ඇතුළේ විවිධ ක්ෂේත්රයන් තියෙනවා. එක පැත්තකින් සෆාරි ජිප් ටික තියෙනවා. ගයිඩ්ලා ඉන්නවා. අනිත් පැත්තෙන් සර්ෆ් කරන වෝටර් ස්පෝර්ට්ස් කරන කණ්ඩායමක් ඉන්නවා. මහත් දැවැන්ත පරාසයක් තියෙනවා. හොටේලියන්ස්ලා ඉන්නවා. ටුවර් ඔපරේටර්ස්ලා ඉන්නවා. හැබැයි අපි දකිනවා ඔබේ ආණ්ඩුව ගනුදෙනු කරන්නේ මේ ඉහළ පැළැන්තියේ ඉන්න ටුවර් ඔපරේටර්ස්ලායි හොටේලියන්ස්ලා එක්ක විතරයි. එහෙම නැත්නම් මහා පරිමාණයේ හෝටල් කරුවනුයි, මහා පරිමාණයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අය එක්ක තමයි මේ ආණ්ඩුවේ ගනුදෙනුව තියෙන්නේ. ඔබේ ඒ අයත් එක්ක ඔබේ ගනුදෙනුව තියාගන්න. හැබැයි මේ සංචාරක ව්‍යාපාරයේ ගමට සල්ලි ගෙනියන්නේ පහළ සංචාරක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා. අද අපි දකිනවා එක වෙලාවක සීසන් එක පටන් ගන්නකොට ඔබ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තියෙන කඩවල් ටික කඩලා දානවා. හෝටල් ටික කඩලා දානවා. දැන් පහුගිය දිනවල ක්‍රෑම් බොක්කේ ගිහිල්ලා කඩලා දැම්මා. දැන් සීසන් එක පටන් ගන්නවා දකුණු පළාතේ. ඊට කලින් මිරිස්සේ ඕක කරා. ඊට කලින් උණවටුනේ ඕක කරා. වැලිගම කෙරුවා. ඉතින් අඩු ගානේ සීසන් එක පටන් ගන්න කලින් ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒ අයට විසඳුමක් දෙන්න තිබ්බා. හැබැයි එහෙම කරන්නේ නෑ. මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට වාසි සහගත වෙන විදිහට ඔබ තමුන් වහන්සේලාගේ සංචාරක ව්‍යාපාරයේ කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පහර දෙනවා. ටුවරිස්ට් බෝඩ් එකට ගිහිල්ලා ලයිසන් එකේ ඇපෘවල් එකක් ගන්න කොච්චර කල් යනවාද? ලොකු ලොකු හෝටල් වලට නම් ගිහිල්ලම දෙනවා ඇති. හැබැයි කුඩා පරිමාණ ව්‍යාපාරිකයාට හෝම් ස්ටේ එකක් කරන කෙනෙක්ට, හෝම් ස්ටේ එකක් කරන කෙනෙක්ට තමන්ගේ ඇපෘවල් එක ගන්න අවසර ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? ඒ වගේම ගරු සභාපතිතුමිය මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ආශ්‍රය කරලා කොළඹ ජීවත් වුණාට කමක් නෑ ඔබ තමුන් වහන්සේලා. හැබැයි ගමට සංචාරක ව්‍යාපාරයේ මේ රටට එන සංචාරකයාව බලාගන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්යාපාරිකයෝවත් ආරක්ෂා කරන්න. ඒ වගේම අවසාන වශයෙන්, අද මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැවැන්ත වෘත්තීය අරගලයක ඉන්නවා. එක පැත්තකින් ජීවන වියදම පිළිබඳව. එක පැත්තකින් තමන්ගේ වෘත්තීය අනන්‍යතාවය පිළිබඳව සහ වෘත්තීය ආරක්ෂාව පිළිබඳව. දැන් මහ බැංකුවේ අධිපතිවරයා කියනවා උද්ධමනය 9%යි. ජනාධිපතිතුමා නම් ඒක කිව්වේ නෑ. පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා නිකන් කතා කරේ උද්ධමනයක් ඇත්තෙම නෑ වගේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතා කරේ. හැබැයි උද්ධමනය 9%ක් කියලා මහ බැංකු අධිපතිවරයා කියනවා නම්, ඔබ බලයට එන්න කලින් උද්ධමනයට අනුකූලව මාස හයෙන් හයට රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරනවා කියලා පොරොන්දු වෙලා බලයට ආපු ඔබ තමුන් වහන්සේලා අද සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවකයා මර්දනයෙන් කට වහන්න උත්සාහ කරනවා. මර්දනයෙන්. අපි දැක්කා ඔබේ අමාත්‍යවරයෙක් කියනවා ඔය උද්ධමනය කරලා මේ ඔබේ අමාත්‍යවරයෙක් කියනවා ඔය උද්ධමනය කරලා අපි ඔයගොල්ලන්ට ඇහුම්කන් දෙන්නේ නෑ කියලා. කරුණා කරලා ඇහුම්කන් දෙන්න. දැන් ඔවුන් ඉල්ලා ඉන්නවා 30 වැනිදාට කලින් විසඳුමක් දෙන්න කියලා. ඒ හින්දා අපි ඔබට කියන්නේ ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා 30 වැනිදාට කලින් ඒ අයට ඇහුම්කන් දීලා ඒ අයට අවශ්‍ය විසඳුම දෙන්න. ඇහුම්කන් දුන්නා කියලා ප්‍රශ්නයක් නෑනේ ගරු සභාපතිතුමිය. ගිහිල්ලා කරුණා කරලා ඔය මහා උද්ධච්ඡකම පැත්තක තියලා මේ රටේ කම්කරු ව්‍යාපාරයට වෘත්තීය සමිති ව්‍යාපාරයට ඇහුම්කන් දෙන්න.

