
ජපානයේ පැවති GLEC පළමු සමුළුවට ව්‍යවසායකයන් රැසක්
FM Heart · 1 min read
ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය ඊළග තලයට ඔසවා තබන ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු සමුළුව සඳහා ජාපනයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විශාල පිරිසක් සහ ජපන් ජාතික ව්‍යවසායකයන් පිරිසක් ද එක්ව ඇත. ජපානයේ ට්සුකුබා නිකෝ හෝටලයේ දී ඊයේ ( 22 ) අවසන් වූ මෙම සමුළුව GLEC නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කළේ, රටක් දියුණු වීමට නම් ව්‍යවසායකත්ව මනසකින් යුත් පාලනයක් අවශ්‍ය බවයි. ජපානය දියුණු වුනේම ව්‍යවසායකත්වය තුළින්, ඔවුන්ගේ ව්‍යවසායකත්වයට පණ දෙන්නේ ජපානයේ සභ්‍යත්වය බව ද ඔහු කීවේය. මෙම හමුවේ දී හිටපු අමාත්‍ය GLEC ජාත්‍යන්තර අධ්‍යක්ෂක රොෂාන් රණසිංහ මහතා සහ එහි පුරෝගාමී නිර්මාතෘ හසන්ත රත්නායක මහතා අදහස් දැක්වන ලදී. ශ්‍යාම් නුවන් ගනේවත්ත

