
කොළඹ – මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වැසෙයි
FM Heart · 1 min read
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද රාත්‍රී 11.00 සිට හෙට අලුයම 6.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය කර තිබෙනවා. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදු කිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස මාර්ගය වසා තබන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දුන්නේ. .

