
අලුතෙන් ණය අරන් සංචිත වැඩි කරනවා.. විදෙස් ණය ගෙවනවා..- මහ බැංකු අධිපති
FM Heart · 1 min read
කොළඹදී පැවති ආයෝජක හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ජාත්යන්තර මූල්ය අරමුදල වෙතින් මෙරටට මුදාහැරීමට නියමිත මීළඟ විස්තීර්ණ ණය පහසුකම් වාරිකය, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වික මූල්ය ආයතන හරහා ලැබීමට නියමිත මූල්ය ප්රතිපාදන මෙන්ම මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සෘජුව මිලදී ගන්නා අතිරික්ත ඩොලර් ප්රමාණයන් ඒකාබද්ධ වීමෙන් මෙම සංචිත ඉලක්කය සපුරා ගැනීමට හැකිවන බවයි. මේ අතර, ජාත්යන්තර ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලියේ එකඟතාවන්ට අනුව 2028 වසරේ සිට ශ්රී ලංකාවට සිය විදේශ ණය ආපසු ගෙවීම යළි ආරම්භ කිරීමට සිදුවන බව සිහිපත් කළ අධිපතිවරයා, එහිදී වසරකට ගෙවීමට ඇස්තමේන්තු කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ණය වාරික බර පියවීම සඳහා දැනට සාර්ථකව ගොඩනැඟෙමින් පවතින විදේශ සංචිත මට්ටම පූර්ණ වශයෙන් ප්රමාණවත් වනු ඇතැයිද දැඩි විශ්වාසය පළ කළේය.

